රංජන්ගේ හඩපට පරික්ෂාවට පොලිස් කණ්ඩායම් 10ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් පමණ පත්කර තිබේ.

අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තාවක් ලබා දෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨායේ අධ්‍යක්ෂවරයාට වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

විශාල හඬපට ප්‍රමාණයක් ඇති බැවින් ඒවා පරීක්ෂා කර ඊට අදාළ කරුණු වාර්තා කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බව ද පොලිස් මාධ්‍යඅංශය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ, අධිකරණ විනිසුරුවරයෙකුගේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වන දා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කළේය.

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here