Sun. Feb 23rd, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ලොවම සලිත කළ “කොරෝනා”

Read Time7 Minute, 9 Second
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට 56 දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2000 ඉක්මවා ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 2684 දෙනෙකු එය ආසාදනය වී ඇතැයි සැක පළ වේ.
මේ අතර අමෙරිකාවෙන් එම වෛරසය ආසාදනය වූ තවත් පස් දෙනෙකු සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වෛරසය ආසාදනයවූවන් පස් දෙනෙකු ඇමෙරිකාවෙන් සොයා ගැනුණු අතර බලධාරින් පවසන්නේ ඔවුන් සියලු දෙනා චීනයේ වූහන් නගරයේ සංචාරයක නිරතව පැමිණි අය බවයි. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, ෆීනික්ස්, චිකාගෝ සහ සියැට්ල් ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් වාර්තා වුණා.
වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැකපළ වන දහසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව ද අමෙරිකානු බලධාරීන් සඳහන් කළා. මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ප්‍රංශය , ජපානය , මලයාසියාව , නේපාලය , සිංගප්පූරුව , දකුණු කොරියාව , තායිවානය , තායිලන්තය , අමෙරිකාව , වියට්නාමය , කැනඩාව යන රටවල් මෙන්ම හොං කොං දේශය දක්වා පැතිර තිබෙනවා. මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2000 ඉක්මවා ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 2684 දෙනෙකු එය ආසාදනය වී ඇතැයි සැක පළ වේ.
මාරාන්තික නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ වූහාන් නගරය අද වනවිට ලෝකයෙන් හුදකලා නගරයක් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මිලියන 11 ක පමණ ජනතාවක් වෙසෙන වුහාන් නගරයේ ගුවන්තොටුපොළ,පොදු හා පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයන්, නගරයට ප්‍රවේශ වන වෙනත් මාර්ග වසාතැබීම හේතුවෙන් නගරය ජනශුන්‍ය බවට පත් වෙලා.
මෙවන්  පසුබිමක චීනයේ වූහාන් හා සිචුආන් ප්‍රාන්තවල වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් වහාම දිවයිනට ගෙන්වාගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබුණා. ඒ අනුව සිචුආන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ වෙසෙන සිසුන් 150කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48 තුළ මෙරටට ගෙන්වා ගැනිමට පියවර ගෙන තිබෙන බවත් ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යෙදවීමට සැලසුම් කර ඇති බවත් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවා.
එමෙන්ම අද වන විට චීනයේ නැනින්හි සිටින තවත් සිසුන් 30 දෙනෙකු ඇතුළු විවිධ ප්‍රදේශවල අධ්‍යාපනය ලබන සිසුන් 790 දෙනෙකු පිළිබඳ තොරතුරු තානාපති කාර්යාලය වෙත ලැබී ඇති අතර ඔවුන් ද කඩිනමින් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර චීන බලධාරින් විසින් පසුගිය 23 වැනිදා සිට සිට වූහාන් නගරයට ඇතුළුවීම සහ පිටවී මත තහනම් කරමින් නගරය අක්‍රිය කර තිබීම නිසා තමන් දැඩි අපහසුතාවට ලක්ව ඇති බව එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුම් දී තිබුණා. මේ වන විට තමන් ආහාර අර්බුදයකට පවා මුහුණ දෙමින් සිටින බව ඔවුන් පවසන්නේ.
මේ අතර නව කොරෝනා වෛරසය වැළඳුණු බවට සැකය මත පුද්ගලයින් සිව්දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබුනේ ඒ අතරට චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක්,මෙරට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අයත් වන අතර ඉන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් වෙමින්. ඉන් එක් ශ්‍රී ලාංකිකයෙකු වූහාන්හි අධ්‍යයන කටයුතුවල යෙදී සිට පැමිණි ශිෂ්‍යයෙකු බව සඳහන්. නමුත් ඔවුන්ට කොරෝනා ආසාධිත නොවූ බවට වෛද්‍ය වාර්තා තහවුරු කළා.
කෙසේ වෙතත් දළඳා සමිඳුන්ට දානය පිළිගන්වනු ලබන පිරිස හැර මෙපමණ දවස් දළඳා සමිදුන් සමීපයට කිසිවකු මුඛ ආවරණ පැළඳ ගොස් නොමැති අතර ලෝකයේ මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය හේතුවෙන් බොහොමයක් දෙනා ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීමට පෙළඹී තිබෙන බව මේ වන ලංකාව පුරාම දැක ගන්නට පුළුවන්. ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ශ්‍රී ලංකාවේ මේවනතෙක් කොරෝනා අසාධිත රෝගීන් හමු නොවුනත් රෝග ව්‍යාප්තිය වැලකීම සඳහා ආරක්ෂක පියවරයන් අනුගමනය කිරීමට රජය පවා මේ දින වල ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
මේ අතර චීනයේ බීජිං, ෂැංහයි හා ෂැන්ඩොන් නගරවල සිදුකරන දුර ගමන් සේවා බස්රථ ධාවනය අද සිට අත්හිටුවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ පෙර පාසල් මෙන්ම පාසල් රැසක් ද වසා දමා ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්. රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමටත් පෙර නව කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාධනය විය හැකි බව චීනය මේ වනවිට පවසනවා.  ඒ අනුව සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හෝ උණ වැනි රෝග ලක්ෂණ මතුවී එම පුද්ගලයා ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටත් පෙර තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාධනය විය හැකි බවයි චීන සෞඛ්‍ය අමාත්‍ය මා ෂියා ඕවේ උපුටා දක්වමින් CNN පුවත් සේවය අද (27) වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මේ වන විට මෙම අසාධනය සුව කිරීමට හැකි වුවත් වෛරසය ආසාධනය වීම පාලනය කිරීම අසීරු තත්ත්වයකට පත්ව ඇති බවයි. එම නිසා නිරතුරු එළිමහනේ ගැවසෙනවා නම් මුඛ ආවරණ පලදීම මෙන්ම ස්වසන රෝග මෙන්ම මෙකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය පරික්ෂාවකට යොමුවීම වැදගත් වේ
  • අශන්ති වරුණසුරිය
0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *