Sun. Feb 23rd, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

රුපියල් 5000 සිය දියණියන් විකුණු පාපකාරී මව

Read Time2 Minute, 59 Second

තම දියණියන් විකුණමින් ජීවිතය ගෙන ගිය මවක් පසුගියදා කොටු වුණා. ඇය තම දියණියන් දෙදෙනා ගණිකා සේවය සඳහා මුදලට විකිණූවේ රුපියල් 5000ක් වැනි මුදලකට. සිද්ධිය වෙන්නේ පසුගිය 3වනදා

කොහොම හරි පවුන් අහු වෙන්නේ නාවලපිටිය පොලිසියට. පොලිසිය විසින් කුට්ටනය හෙවත් මුදලට කාන්තාවන් විකිණීම යන චෝදනා යටතේ මොවුන්ට චෝදනා ගොනු කරලා. ඒ යටතේ මේ මව හා එම දියණියන් දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාර ගත කරලා. ඒ නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් අමිල මහතා නියෝගය පරිදි.

පවුම් අත්අඩංගුවට ගන්නෙත් සුක්ෂමව. ඒ සදහා පොලිසිය දින කිහිපයක්ම විමර්ශනයේ යෙදිලා. මෙතැනදී නාවලපිටිය ‍දොළොස්බාගේ මාර්ගයේ නිවෙසක මෙම ගණිකා ජාවාරම සිදුවන බවට ඔවුන්ට තොරතුරක් ලැබිලා තියෙනවා. ලැබුණු තොරතුරට අනුව අධිකරණය මඟින් සෝදිසි වරෙන්තු රැගෙන උපාය දූතයන් යොදවාලා තමයි මෙම ගණිකා ජාවාරම අහු කරගෙන තියෙන්නේ. උපාය දුතයන් මාර්ගයෙන් මව සහ එම දියණියන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට අරං.

උපාය දූතයන් විසින් මෙම කාන්තාවන් පිළිබඳ විමසීමේදී මව ගනුදෙනු කතා කරමින් එක් අයකුට රුපියල් පන්දහසක මුදලක් අවශ්‍ය බව දන්වා ඇති නමුත් මෙම උපාය දූතයන් එක් කාන්තාවක් රුපියල් දහසක මුදලකට පොරොන්දු කරවාගෙන ඇති අතර මව විසින් එම නිවෙසේ කාමර 2ක් ලබාදී ඇති බව සදහන්.

පනස් දෙහැවිරිදි මෙම මව බොහෝ කාලයක සිට මෙම දියණියන් දෙදෙනා ජාවාරම් කර ඇති අතර 21 හැවිරිදි වියේ පසුවන එක් දියණියකට පියෙක් නොමැති අවුරුදු 4ක දරුවකුද සිටින බවත් 27 හැවිරිදි අවිවාහක අනෙක් දියණිය පස් මස් ගැබිනියක් බවත් පරීක්‍ෂණ කණ්ඩායම අනාවරණය කර ගෙන තිබෙනවා. සියල්ල හමුවේ මෙය කෙතරම් කේදවාචකයක් දැයි පසක් වනවා ඇත.

මව විසින් 27 හැවිරිදි මෙම දියණිය පසුගිය කාලයේ පුත්තලම හෝටලයක ගණිකා සේවය සඳහා විකුණා සිටි බවද ඇගේ කටඋත්තර අනුව හෙළිවී ඇති බව පොලිසිය පවසනවා.

මෙම මවට සිටින අනෙක් බලවයස්කාර ගැහැනු ළමුන් දෙදෙනා වේරගල ළමා නිවාසය වෙත යොමු කරන ලෙසත් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *