Sun. Feb 23rd, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පොර්ට් සිටි ආර්ථිකයට විශාල පහරක්  

Read Time3 Minute, 47 Second
කාලයක් පුරාවටම කතා බහට ලක්වූ පොර්ට් සිටි වියාපෘතිය සම්බන්දයෙන් මේ වන විට කිසිදු කතාවක් නැත. ඒ සම්බන්දයෙන් විවේචනාත්මකව කතා කල බොහෝ දෙනා ද අද නිහඬව සිටිති.
පොර්ට් සිටි වියාපෘතිය සමඟ බෙහෙවින්ම කණගාටුවට පත්ව සිටි ධිවර ප්‍රජාවද නිහඩ වී ඇත.
ඊට හේතුව කුමක් දැයි විමසු විට ධිවර සංගම් කිහිපයක්ම අප සමඟ පැවසුවේ වැලි ගොඩ දැමීම තුල ඔවුන්ට හානියක් නොවන බවයි.
පිළිබදව අප පොර්ට් සිටි විරෝධී ජනතා වියාපාරයේ සභාපති හර්මන් කුමාර මහතා සමඟ සාකච්ජා කළෙමු. ඔවුන් මේ පිළිබදව දේශපාලන වශයෙන් නිතරම කතා කළ පක්‍ෂයකි ජනතා විමුක්ති පෙරමුණ. එමෙන්ම ජවිපෙ මේ ගැන නිරතුරු ප්‍රශ්න කරමින් සකච්ච්ජා කකරන බව පසුගිය කාලයේදී දැක ගන්නට හැකි විය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි විජීත හේරත් මහතා හරහා පෝට් සිටිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කිරීම සුදුසු බව පොර්ට් සිටි විරෝධී ජනතා කමිටුවේ අදහස වි තිබුණත් මෙතෙක් එහි ප්‍රගතියක් දැක ගැනීමට නොහැකි වීම ගැන අප හර්මන් මහතාගෙන් ප්‍රශ්න කළෙමු.
” දැන් පොර්ට් සිටි ගැන ජනතා විමුක්ති පෙරමුණටත් අමතක වෙලා. කිසිම දේශපාලන පක්ෂයක් මේක කතා කරන්නේ නැහැ. හැමෝම වෙන්න මොනාද කියල බලන් ඉන්නවා. පොර්ට් සිටි හරහා වැලි ගොඩ දැමීම පමණක් වෙන්නේ කියන දේ කොහෙත්ම අනුමත කරන්න බැහැ . ඒ හරහා තව බොහෝ දේ සිදු වෙනවා. ඒ සියල්ල දෙස අපි අවධානයෙන් පසු වෙනවා. විශේෂයෙන් මේ හරහා සිදු වන ආර්ථික හානිය , රටට බලපාන බලපෑම් අධ්‍යනය කල යුතුයි. මෙකි අධ්‍යනයන් අපි දිගටම සිදු කරනවා…
දිගින් දිගටම සිදු කරන ලද අධ්‍යනයන් හමුවේ පසුගිය රජයටද අදහස් සහ යෝජනා ඔවුන් ඉදිරිපත් කර තිබිණි. නමුත් ඒවාට සිදුවූ දෙයක් නම් නැත. කෙසේ වෙතත් නැවත්ත ඔවුන්ගේ අධ්‍යනයන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව මහා මතිවරයෙන් පසුව පුවන් සිය නව අධ්‍යනය වාර්තා ජනාධිපතිවරයාට ලබා දීමේ සුදමින් සිටියි.”මේ රජය බලයට ආවේ වෙඅසක් සිදු කරන්න සිස්ටම් ව්චේන්ජ් එකකට. අපිත් බලන් ඉන්නවා කොහොමද ඔය කිවුව විදියට සිස්ටම් එක චේන්ජ් වෙන්නේ කියලා. ඒ නිසා අපි දිගටම  යනවා.
පොර්ට් සිටි පමණක් නොව සමන්ත චීන ආයෝජන රටට සිදු විය හැකි වාසි සහ අවාසි ඒ අනුව අධ්‍යනය කරමින් සිටිති. ඒ සදහා කණ්ඩායම් වශයෙන් සාකච්චා කරමි ප්‍රජාව දැනුවත් කිරීම ඔවුන්ගේ අදහස් සටහන් කිරීම් ද මේ වන විට සිදු වේ.
ධිවර ආර්ථියක ද මිට ඇතුලත්ය. මේ සියල්ල ගැන අවධානයෙන් පසු වෙමින් කාට අමතක වුවත් දිගටම පොත සිටි ගැන අවධානයෙන් පසු වන්න ඔවුන් කටයුතු කරන බව හර්මන මහතා පැවසුවේය.
0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *