Sun. Feb 23rd, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දිනකට ආහාර මෙට්‍රික් ටොන් 5000ක් අපතේ

Read Time1 Minute, 12 Second

මෙරට ජනතාව දිනකට ආහාර මෙට්‍රික් ටොන් 5000ක් ඉවත දමන බව පරිසර හා වනජීවි අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇතැම් විදේශීය රටවල්වල ආහාරයට ගන්නා දේවල් ඉවත දැමුවහොත් දඩයක් පවා නියම කරන බවද එම අමාත්‍යංශය පවසයි .

ලංකාව පුරා දිනකට මෙට්‍රික් ටොන් 9810 ක කසළ එකතු වන බවත් මෙම ප්‍රමාණයෙන් පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන්නේ මෙට්‍රික් ටොන් 3667 ක් පමණක් බවද වාර්තා වේ.

එක දිනකදී මෙරට පරිසර පද්ධතියට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 400 ක් බැහැර කෙරෙන බවත්, කසළ කළමනාකරණය කිරීම සඳහා සියලුම පුද්ගලයින්ට වගකීමක් ඇත.

බාහිර පරිසර පද්ධතියට එකතු වන ඝන අපද්‍රව්‍යවලින් සියයට විස්සක්, තිහක් පමණ ඇත්තේ ඇසුරුම් දවටන බවද, වසරකදී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 20,000 ක් පරිසරයට බැහැර කෙරෙන බවද මෙය දැඩි පාරසරික ගැටලුවක් වී ඇත

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *