ඉන්දීය සංචාරයේ වියදම් ගැන පැහැදිලි කිරීමක්

රජය කියා සිටින්නේ අගමැති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් රාජ්‍ය අරමුදල් මත ඉන්දියාවට නොගිය බවයි.

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඕනෑම කෙනෙකුට පුද්ගලික අරමුදල් යොදා ගනිමින් රජයේ නියෝජිත කණ්ඩායමක් සමඟ විදේශ ගත විය හැකි බවයි.

රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් රජයේ අරමුදල් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට ගිය බව තමා විශ්වාස නොකරන බව ඔහු පැවසීය. නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිද මෑතකදී ඉන්දියාවට පැමිණි රජයේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු වීම පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී ඇසූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

සමහර නියෝජිතයින් රාජ්‍ය අරමුදල් මත විදේශ ගත වන අතර අනෙක් අය විදේශීය ආරාධිතයින් විසින් සපයනු ලබන අරමුදල් මත සංචාරය කරන බව ඔහු පැවසීය. පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස රජයේ අරමුදල් භාවිතා කරමින් විදේශ සංචාර කප්පාදු කිරීමට නව රජය තීරණයක් ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here