Sun. Feb 23rd, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කැබිනට් මණ්ඩලය නිලධාරියට පක්ෂව පෙනී සිටියි

Read Time2 Minute, 6 Second

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන්දැඩි ලෙස දොස් පවරා ඇතැයි දැන ගන්නට ලැබේ. රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ වැඩ කටයුතු නිසි පරිදි සිදු කරන්නට ඉඩදී, තමාට අදාළ කටයුතු සිදුකරන සිටින ලෙසටද අදාළ රාජ්‍ය නිළධාරිණියට මින් පසුව බලපෑම් සිදු කළහොත් රාජ්‍ය අමාත්‍ය ධූරය පවා අහිමි වන තැනට වැඩ සිද්ද විය හැකි බව දැඩි ලෙස පවසා ඇත.

එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිනිය කැබිනට් මණ්ඩලය විසින් ආරක්ෂා කර තිබේ. කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ කැබිනට් මණ්ඩලය ඇයගේ තීරණයට පක්ෂව සිටින බවත් ඇයව ආරක්ෂා කරන බවය.

ළමයින් සඳහා ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා ඉඩම් නිදහස් කරන ලෙස ගම්වාසීන් පිරිසකගේ බලපෑම් නොතකා ගම්පා දිස්ත්‍රික් වන සංරක්ෂණ නිලධාරි දේවානි ජයතිලක ලෙස හඳුනාගෙන ඇති කාන්තා නිලධාරිනිය සමාජ මාධ්‍යවල වියාප්තව ඇති අයුරු දැක්වේ.

මෙම සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙම ගැටලුව සම්බන්ධයෙන් ගෙන ඇති ස්ථාවරය වෙතින් ඉවත් වන ලෙස නිලධාරියාගෙන් ඉල්ලා සිටී.

තමා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අතර සිදුවූ සාකච්ඡාව සාකච්ඡාවක් පමණක් බවත් එය ප්‍රචණ්ඩකාරී නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ගුණවර්ධන මහතා පැවසීය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *