Sun. Feb 23rd, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සිංගිමලේ රක්ෂිතයේ ගින්න

Read Time2 Minute, 20 Second

හැටන්, සිංගිමලේ රක්ෂිතයේ අද (13) දින උදැසන හටගත් ගින්න තවදුරටත් පැතිර යන නිසා ගින්න පාලනය කිරිමට ආපදා කලමණාකරණ ඒකකය විසින් ගුවන් හමුදාවට අයත් යානයක සහය ලබාගෙන තිබේ.

ඒ අනුව ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානය අද දින පස්වරුවේ කාසල්රි ජලාශයෙන් ජලය රැගෙන අවස්තා කිහිපයකදි සිංගිමලේ කදු මුදුණ වෙත ජලය රැගෙන ගොස් ජලය ඉස ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාව සමත්ව තිබේ

අද දින උදැසන සිට හැටන් පොලිසිය වන අඩවි කාර්යයාලයේ නිලධාරින්, හැටන් දික්ඔය නගර සභාව, ප්‍රදේශවාසින් සහ යුධ හමුදා නිලධාරින් පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට දැඩි උත්සහයක් කලද ගින්න පාලනය කිරිමට නොහැකි වු නිසා ගුවන් හමුදාවේ සහය ලබා ගැනිමට කටයුතු කෙරිණි.

උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගය ද සිංගිමලේ කන්ද පාමුල පිහිටා ඇති සිංගිමලේ කන්දේ කඳුකරයට ආවේණික ක්ෂීරපායී සතුන්, පක්ෂීන් මෙන්ම දුර්ලභ ගණයේ ඖෂධ පැළෑටි බොහොමයක් ඇති රක්ෂිතයකි

මෙම ගින්නට හේතුව වී ඇත්තේ ගිනි තැබීමක් නිසා බැව් අනාවරණය වී තිබිණි. පවතින වියළි කාලගුණයත් සමග වනාන්තරවලට ගිනිතබන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනක හඳුන්පතිරණ පැවසුවේ එලෙස වනාන්තර ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව වසර 07 ක සිරදඬුවමක් පැනවිය හැකි බවය.

ඉකුත් කාලසීමාවේ රක්ෂිත සහ කඳුකර කිහිපයක ගිනිගැනීම් වාර්තා විය. අද (13) උදෑසන එවැනිම ගින්නක් ලෙස හැටන් සිංගිමලේ කන්ද ප්‍රදේශයේ මෙම ගින්න වාර්තා විය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *