හදවත විහිළුවක්

එක්සත් ජාතික පක්‍ෂය එළඹෙන මහ මැතිවරණයට තරග කරන්නේ කුමන සන්ධානයක් හෝ ලකුණක් යටතේ දැයි අදත් විවිධ මත පළ විය.

එක්සත් ජාතික පක්‍ෂයේ සිරිකොත මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදි ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක,

එජාපය එදා සිට මේ දක්වා හැම මැතිවරණයක්ම තරඟ කළේ අලියාගෙන්. අදට වුණත් කෘත්‍යාධිමණ්ඩලයේ වැඩි කැමැත්ත තියෙන්නේ අලියා සලකුණින් තරඟ කිරීමට. කෘත්‍යාධි මණ්ඩලයේ වැඩි කැමැත්ත තියෙන නිසා මෙය ජන්දයකින් විමසන්න අවශ්‍ය නැති වුණත් කාට හරි අවශ්‍ය නම් මේකට ජන්ද තියන්න, එයට නායකතුමා එකඟ වෙයි. දැනටමත් ෆේස්බුක් එකේ හදවතට සලකුණට කෙතරම් දේවල් කියනවද ? මේක කොහෙන්ද එන්නේ මොකද්‍ද මේක කියලා දන්නේ නැහැ. කොහොම වුණත් මෙය හාස්‍ය ජනක ලකුණක්. මම නම් වෙන ලකුණකින් තරංග කරන්නේ නැහැ

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here