Sun. Feb 23rd, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

උදයංග රිමාන්ඩ්

Read Time1 Minute, 31 Second

Update –

උදයංග රිමාන්ඩ්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පෙබරවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය

——————————————————

උදයංග ගෙන් CID එක දිගට ප්‍රශ්න කරයි

කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරමින් සිටියි. කුප්‍රකට මිග් ගනුදෙනුව සම්බන්දයෙන් උදයංග වීරතුංග චෝදනා ලැබ සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගැනුණේ ඩුබායිහි සිට පැමිණි යානයකින් අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේය.

ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *