ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩව සහාය දීමට තායිලන්තය සූදානම්

දෙරට අතර පවතින ශක්තිමත්ද්වීපාර්ශ්වික සබඳතා සිහිගන්වමින් තායිලන්ත අගමැති ජෙනරල් ප්‍රයුත් චන් ඕ චා මහතා, ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් තායිලන්තයේඅඛණ්ඩ සහය ලබා දෙන බවට සහතික කළේය.තායිලන්ත අගමැතිතුමා මේ බව ප්‍රකාශ කළේ 2020 පෙනරවාරි 03 වන දින බැංකොක් හි නිල කාර්යාලයේදී  තායිලන්තයේ නව ශ්‍රී ලංකා නියෝජිත, තානාපතිනී සමන්තා කේ. ජයසූරිය මහත්මිය හමුවූ අවස්ථාවේදීය.

එකී හමුවේදී තානාපතිනී ජයසූරිය මහත්මිය තායිලන්ත අගමැතිතුමාවෙත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සුභාශිංශන පිරිනැමූ අතර ශතවර්ෂ ගණනාවක් පුරා ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය මත ගොඩනැංවුණු තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර ඇති ශක්තිමත් ද්වීපාර්ශ්වික සබඳතා සිහිගන්වමින්, සමාජ-සංස්කෘතික සබඳතා වැඩිදුරටත් ශක්තිමත් කිරීමට පූර්ණ සහය සහ ක්‍රියාකාරි මැදිහත්වීමසිය ධූර කාළය තුළදීලබා දෙන බව සහතික කළාය. එසේම බහුපාර්ශ්වික සංවිධානයන් තුළද තායිලන්තයසහ ශ්‍රී ලංකාවේඅන්‍යෝන්‍ය අවබෝධය හා  සහය අගය කළ තානාපතිතුමිය,ශ්‍රී ලංකාවASEAN සංවිධානයේ Sectoral Dialogue Partnership (SDP) හි සාමාජිකත්වය ලබාගැනීමවෙනුවෙන්ක්‍රියාකාරී වැඩසටහනක්  ඉදිරිපත් කරනු ඇති බවත් ඊට තායිලන්තයේ සහය ඉල්ලා සිටියාය. සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධ ව්‍යාපෘති, කලාපයේ විශේෂඅවශ්‍යතාඇති රටවල මානව සම්පත් හා වෙනත් අංශවල ධාරිතා සංවර්ධනයට සහය දීම ඇතුළුව, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවකටයුතු කිරීමට අදහස් කරන බවද තානාපතිතුමිය සඳහන් කළාය.

2018 වසරේ සිදුකළ සිය ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කළ ජෙනරල් ප්‍රයුත් අගමැතිතුමා, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට, විශේෂයන්ම කෘෂිකාර්මික, ධීවර හා තාක්ෂණික සහයෝගීතාව, සංචාරක කර්මාන්තය ආදියට අතදීමට තායිලන්තය සූදානම් බව ප්‍රකාශ කළේය. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සහ ආයෝජන පුළුල් කිරීම උදෙසා යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමට කඩිනමින් එළඹීමේ වැදගත්කම දඑතුමා යළි අවධාරණය කළේය.

තායිලන්ත අගමැති කාර්යාලයේ නියෝජ්‍ය ලේකම් බන්සාන් බුන්නාග් මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේද, තායිලන්ත විදේශ කටයුතු ආමාත්‍යාංශයේ ජේෂ්‍ය්ඨ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම හමුවට බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ චාන්සරි ප්‍රධානි පූර්ණිමා ගුණසේකර මහත්මිය, පළමු ලේකම් ( වාණිජ ) අනිල් සිරිමාන්න මහතා සහ දෙවන ලේකම්, සරිතා රණතුංග මෙනවියද සහභාගී වූහ.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here