Sun. Feb 23rd, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

Breath 2020

Read Time2 Minute, 37 Second

Breath 2020 වියාපෘතිය අද බත්තරමුල්ල අපේගම පරිශ්‍රයෙන් ආරම්භ විය.

ඒ රුක් රෝපණ රැල්ලක් ලෙසිණි. ඔසු පැළ වියාප්තිය රට පුරා පැතිරීමේ අරමුණින් ආරම්භ කෙරුණු Breath 2020 සභාපතිත්වය ප්‍රවීණ රංගන ශිල්පිනී ඕෂධී හේවා මද්දුමගේ සංකල්පයකට අනුව ජන ගත වන්නකි.

මෙම උත්සවයේ ප්‍රධානත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හොබවමින් අගමැතිගේ සුරතින් බ්රෙඅත්.lk සහ herble.lk නමින් වෙබ් අඩවි දෙකක් ද විවුර්ත කෙරිණි.

මෙම උත්සව සභාව අමතමින් ඕෂධී හේවාමද්දුම මිය මෙසේ පැවසීය.

2018 අයුවේද සංස්ථාව මෙරටට ගෙන්වා ඇති දේශීය අමුද්‍රව්‍ය වල මිල රුපියල් කොටි 125ක්. අපේ රටේ වවන්න පුළුවන් කම තියෙද්දී එවන් දේශීය ඖශධ සියයට 75ක්ම ආනයනය කරනවා. ඒ නිසා මේ වගේ වියපෘතියක් රාජ්‍ය මට්ටමින් ඉටු කිරීම වැදගත්. අපේ රටේ ජනගහනය වැඩි වෙනකොට තාක්ෂනය පැත්තෙන් දියුණු වෙනකොට ගස් කපන්න සිදු වෙනවා තමයි. නමුත් එක ගහක් කපනකොට තව ගස් 10ක් කොහේ හරි පැල කරන්න පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ මෑතකදී මතුවූ ලැව් ගිණි වගේ තත්වයකට අපේ රට පත් වෙන්න නොදී වලක්වා ගන්න පුළුවන්. වියාපෘතිය හාහා ඖශධ පැල රෝපණය, සංරක්ෂණය, , ඔසු ගම්මාන සංකල්පය ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තුල රැකියා වියුක්තියට විසදුම් ලබා දීමේ තියෙනවා. මම මේ වැඩේ පටන් ගන්නකොට මේවා දේශපාලනීකරණය කරගෙන මට නොයෙක් කතා පැවසුවා. නමුත් මම හොද අරමුණක් යන ගමනක් තියෙන්නේ එතැනදී බධාකයකට මුහුණ දෙනවා.

මෙම උත්සවයට රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ,ආචාර්ය චරිත හේරත් මහතා , නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා, නීතිවේදී ප්‍රියංකා ජයසේකර මහත්මිය ද විශේෂ ආරාධිතයෙකු ලෙස ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ ඇතුළු ආරාධිතයින් ගණනාවක් සහභාගි වුහ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *