SLFPයත් පොහොට්ටුවෙන්

ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරඟ කළ යුතු බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

එමෙන්ම පක්ෂ ආරංචි මාර්ග පවසන්නේද මේ වන විට ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර පක්ෂ ලාංචනය සම්බන්දයෙන් එකගතාවයක් ඇතිව ඇති බවය.

දකුණු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා ප්‍රකාශ කළේ වර්තමාන මැතිවරණ ක්‍රමය රටට අගතිදායක බවය.

තවද CGS අප මේ ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන කළ විමසීමකදී ඔහු පැවසුවේ සියල්ලන්ම එක තැනකට එන බවට තමා විශ්වාස කරන බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගැනීමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවදා දිනයේ (18) පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සන්ධාන ගතවීම පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මෙම සාකච්ඡාව ලබන අඟහරුවදා දිනයේ පැවැත්වීමට නියමිතව ඇත

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here