දක්ෂිණ අධිවේගයේ විස්තරේ. “අපි කොහොමද ජනාධිපතිතුමාගෙන් සල්ලි ගන්නේ ..

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට දක්වා දිගුව විවෘත කෙරේ…………

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිඟුව ජනතා අයිතියට පත්කෙරුනේ පසුගිය 23 වැනි ඉරිදායි.  මාතර ගොඩගම පාලටුව අධිවේගී මාර්ග පිවිසුමට පැමිණී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධවේගී මාර්ගය විවෘත කිරීමට අදාල සමරු ඵලකය විවෘත කලේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මධ්‍යයේයි. 

පළමු ප්‍රවේශ පත්‍රය ජනාධිපතිට………..

මාර්ගය විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බරවාකුඹුර අධීවේගී පිවිසුම අසලට පැමිණීයේ එහි පැවැත්වීමට නියමිතව තිබුණු රැළියට සහභාගිවීමටයි. ජනාධිපතිවරයා පළමු ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමත් අග්‍රාමත්‍යවරයා මාර්ගයට පිවිසීමේ දෙවන ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමත් සිදුවිනි. ජනාධිපතිවරයා ගමන් ගත් වාහනයේ රියදුරු අසුනේ සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතායි. එම වාහනයේ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයාද ගමන් ගත්තේය. අගමැතිවරයා ගමන් ගත් වාහනයේ රියදුරු අසුනේ සිටියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයායි. ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයාද එම වාහනයේම බරවකුඹුක දක්වා පැමිණියේය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආදර්ශයට ගනිමින් පැමිණ සිටි ආරාධිත අමුත්තන් ද ප්‍රවේශපත් ලබා ගනිමින් අධිවේගය ඔස්සේ බරවකුඹුක දක්වා පැමිණියේය. අධීවේගී මාර්ගය විවෘත කිරීමේ අවස්ථාව රූපවාහිනිය ඔස්සේ විකාශනය වීම නිසා ජනාධිපතිවරා සහ අගමැතිවරයා අධීවේගී මාර්ගයේ පැමිණෙන බව මඟ දෙපස ජනතාව දැනගෙන තිබිණි. මේ සමඟ ජනතාව මාර්ගය දෙපසට රොක් වන්නට විය.  සමහරෙක් පැමිණ සිටියේ උඩුකයට ඇඳුමක් හෝ නැතිව නිවසේ සිටි ඇඳුමින්මය.

මඟ දෙපස රැස්ව ජනාධිපතිවරයාට ආචාර කරන ජනතාව දුටු ජනාධිපතිවරයා  නාමල් ස්ලෝ යමු” යැයි කීවේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද වාහනයේ වේගය අඩුකරමින් ජනතාවගේ ආචාරය පිළිගැනීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව සලසා දුන්නේය. ජනාධිපතිවරයාගේ වාහනයට පිටුපසින් පැමිණි අගමැතිවරයාගේ වාහනයේද මෙවැනිද දෙබසක් ඇසිනි,  ජොන්ස්ටන් හෙමින් යමු” ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැක ගන්නට කුඩා දරුවන් විශාල වශයෙන් මඟ දෙපස රැස්ව සිටින ආකාරය දුටු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

 සර් අධිවේගය විවෘත කරන වැඩසටහන සජිවි විකාශනයක් යනවානේ. සර්ලා මේ පාරේ යන බව සෙනඟ දන්නවා. ඒ නිසයි පාරට දුවගෙන එන්නේ ” ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කලේය.

මේ අතරතුර අපරැක්කකසාගලඅගුණකොල පැලැස්ස අධිවේගී හුවමාරුවලට පැමිණ සිටි ජනතාව දුටු ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වාහනවලින් බැස ජනතාව සමඟ සුහදව සාකච්ඡා කලේය. සමහරක් ස්ථානවලට භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටි අතර ජනාධිපතිවරයාටත් අගමැතිවරයාට පිරිත් නූල් ගැට ගසමින් ආශිර්වාද කළහ.

අපි කොහොමද ජනාධිපතිතුමාගෙන් සල්ලි ගන්නේ ………..

බරවකුඹුක අධිවේගී මාර්ගයෙන් පිටවන ජනාධිපතිවරයා අධීවේගයේ පැමිණීමට අදාල මුදල් ගෙවීමට සූදානම්ව සිටියේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නියමිත ස්ථානයේ වාහනය නතර කලේය. එහි රාජාරියේ නිරතව සිටි නිලධාරියා අධීවේගයේ පැමිණීමට අදාල බිල්පත ජනාධිපතිවරයාට දෙමින්

 සර් මෙන්න ටිකට් එක” කීවේය.

 ආ මෙන්න සල්ලි” ජනාධිපතිවරයාද පෙරලා මුදල් ගෙවීමට සූදානම් විය.

 අනේ සර්. මේක චාරිත්‍රයක් විදියට විතරයි කරන්නේ. සර් ටිකට් එක ගන්න. අපි කොහොමද සර්ගෙන් සල්ලි ගන්නේ” යැයි පෙරලා නිලධාරියා ජනාධිපතිවරයාට පැවසිය.

 ඔන්න ඔතනයි අපේ රටට වැරදුනේ. මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. මමත් මේ රටෙ සාමාන්‍ය පුරවැසියෙක්. රටක් විදියට ඉස්සරහට යන්න නම් ඔයා ඔයාගේ වැඬේ හරියට කරන්න. අපි අපේ වැඬේ හරියට කරන්නම්. එහෙම නේද?” යැයි කී ජනාධිපතිවරයා බිල්පතට අදාල මුදල් ගෙවා අධීවේගයෙන් පිටවිය. 

චමල්ට වැරදීමක්………..

අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසුව ප්‍රධාන රැළිය සංවිධානය කර තිබුණේ බරවාකුඹුක අධීවේගී පිවිසුම ආසන්නයේයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ පැමිනීමෙන් පසුව උත්සවය ආරම්භ විය. හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන චමල් රාජපක්ෂ ඇමැතිවරයාට ද මෙහිදී කතාවක් පැවැත්වීමට නියමිතව තිබිණි. පූජ්‍ය පක්ෂයෙන් අවසර ගත් ඇමැතිවරයා  අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි” යැයි කීවේය.

තමන්ට වැරදුනු බව පසක් වීමත් සමඟ ඇමැතිවරයා සිනහපිරි මුවින්ම  ගෝඨාභය ගැන තවම……වාක්‍ය සම්පූර්ණ නොකරම සිනහසුනේ සභාවේ සිටි අයද සිනහවට එක්කරගනිමිනි. නැවතත්   අවුරුදු ගානක් ජනාධිපතිවරයා හැටියට කියලා දැන් ඒකමයි…..” යැයි කියමින් නැවතත් ඇමැතිවරයා සිනහසුනේ ජනාධීපතිවරයාඅගමැතිවරයා ඇතුළු සභාවේ සිටි අයද සමඟමය. බරවාකුඹුකට විශාල ජනතාවක් එක්ව සිටි අතර පැය දෙකකට වැඩි කාලයක් රෑළිය පැවැත්වුනු අතර මේ අවස්ථාවට විශාල ජනතාවක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ පළමු විධායක සභා රැස්වීම අරලියගහ මන්දිරයේදී…………..

ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ පළමු විධායක සභා රැස්වීම පසුගියදා අරලිය ගහ මන්දිරයේදී පැවැත්විනි. සන්ධානයේ මහ ලේකම් බැසිල් රාජපක්ෂ මහතා වෙනදා මෙන්ම ෆයිල් මිටියක්ද රැගෙන පැමිණ සිටියේ ඕනෑම අවස්ථාවකට පිලිතුරු දීමේ පෙර සූදානමකිනි.

බැසිල් විධායක සභාව අමතයි. ජනාධිපතිවරු තිදෙනෙක් සවන් දෙයි…………

විධායක සභා රැස්වීමට ජනාධිපතිවරු තිදෙනෙක් සහභාගි වීම විශේෂත්වයකි. නැගී සිටි බැසිල් රාජපක්ෂ මහතා  පස්වැනි හයවැනි විධායක ජනාධිපතිවරුන්ගෙන් හා වත්මන් හත්වැනි විධායක ජනාධිපතිවරයාගෙන් අවසරයි” යනුවෙන් පවසමින් සිය කතාව ඇරඹීය.  පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාහයවැනි විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාහත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අවස්ථාවට සහභාගි වී සිටි අතර බැසිල් රාජපක්ෂ මහතාගේ අවසර ගැනීමත් සමඟ සභාවේ සිටි අයෙක්  මේක නම් ඓතිහාසක අවස්ථාවක්” යැයි සඳහන් කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණශ්‍රී ලංකා නිදහස් පක්ෂයමහජන එක්සත් පෙරමුණසමසමාජ පක්ෂයකොමියුනිස්ට් පක්ෂයමහජන පක්ෂයජාතික නිදහස් පෙරමුණප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණදේශවිමුක්ති ජනතා පක්ෂය යන පක්ෂ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.

 මේ සන්ධානයේ සිටින්නේ ලියාපදිංචි දේශපාලන පක්ෂ නවයක්  විතරයි. පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වූ අනිකුත් දේශපාලන පක්ෂවල ලියාපදිංචිය සම්පුර්ණ වුනාම ඒ පක්ෂත් අපි මේ නව සංධානයට ඇතුල් කර ගන්නවා” යැයි සභාව අමතමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කලේය.

 අද එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන අර්බුද අපේ පක්ෂය ඇතුලට එන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. එහෙම එන්න ඉඩ තියන්න දෙන්නෙත් නැහැ. අපි අමාරුවෙන්  හදාගත්ත ආණ්ඩුවක් මේ තියෙන්නේ. පාර්ලිමේන්තු බලය අපිට ලබාගන්න අවශ්‍යයි.”  අග්‍රාමාත්‍යවරයාද මෙහිදි අදහස් දක්වමින් පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියට ගෙනියන්න නම් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙන බවත් ඒ සදහා නව සන්ධානය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය කරනබවත් පැමිණ සිටි සියලු දෙනා අමතමින් අගමැතිවරයා සදහන් කලේය.

 නව සංධානයේ දැනට පක්ෂ 09ක් ලියාපදිංචියි. තවත් පක්ෂ 05කින් සංධානයට ඇතුල් කරගන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වෙලා තියෙනවා” බැසිල් රාජපක්ෂ මහතා නැවතත් සදහන් කලේය.

ප්‍රසන්න රණතංග ඇමැතිවරයා සන්ධානයට ඇතුල්කර ගන්නා ලෙස ඉල්ලිම ඉදිරිපත්ව ඇති දේශපාලන පක්ෂසන්ධානයට එක්කර ගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාව ඉදිරිපත් කළ අතර තිලංග සුමතිපාල ඇමැතිවරයා යෝජනාව ස්ථාර කලේය.

ඒ අනුව ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයලංකා කම්කරු කොංග්‍රසයජාතික කොංග්‍රසයදමිළ මහජන විමුක්ති සංවිධානයඑක්සත් මහජන පක්ෂය යන පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට ඇතුල් කර ගැනීම සදහා විධායක සභාවේ අනුමැතිය හිමිවිය. මේ සමඟ නව සන්ධානයට දේශපාලන පක්ෂ 14 ක් ඇතුලත් වේ.

නව සංධානයේ නිලතල සඳහාද පත්කිරීමේ සිදුවේ………

සන්ධානයේ නියෝජ්‍ය සභාපතිවරයෙක් ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාගේ නමත්,  ජාතික සංවිධායක ධූරය සඳහා විමල් වීරවංශ මහතාත්උප උපසභාපතිවරු ලෙස වාසුදේව නානයක්කාරතිස්ස විතාරණඩිව් ගුණසේකර යන මහත්වරුන්දඋප ලේකම්වරුන් ලෙස අසංක නවරත්නඩී කලංසූරිය යන මහත්වරුන් ද පත් කිරීම සඳහා විධායක සභාව තීරණය කළේය.

මෛත්‍රී – ප්‍රසන්න දෙපසකට………..

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපතිධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා එතරම් සතුටකින් පසුවන්නේ නැත. සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීමට මේ දෙදෙනාම සහභාගි වී සිටියහ. ප්‍රසන්න රනතුංග ඇමැතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තම ස්තාවරයේ වෙනසක් කිරීමට සූදානම්බවක් මෙතෙක් පෙනෙන්නට නැත. මෙම විධායක සභාවේදී පවා ඇමැතිවරයාමෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාදිපතිවරයා නොතකා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබිණි.

පොදුජන මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රවෘත්ති මැදිරය නව ස්ථානයකට……

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය කටයුතු මෙහෙයවන්නේ පොදුජන මාද්‍ය මධ්‍යස්ථානය මගිනි. ඉකුත් පළාත් පාලන මැතිවරණයට හා ජනාධිපතිවරණයට අදලා සියලු මාධ්‍ය මෙහෙයුම් සිදුවූයේ ද පොදුජන මාධ්‍ය මධ්‍යස්ථානය මඟිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා කුරහන් පැහැ කමිසයකින් සැරසී කුරහන් පැහැයෙන්ම වර්ණවත්ව ඉදිකෙරුණු පොදුජන මාධ්‍ය මධ්‍යස්ථානයේ නව ප්‍රවෘත්ති මැදිරිය විවෘත කිරීම සඳහා පැමිණ සිටියේය. නව ප්‍රවෘත්ති මැදිරිය විවෘත කිරීමෙන් පසුව බැසිල් රාජපක්ෂ   එහෙමනම් දැන් වැඩ පටන් ගනිමු.” යැයි පැවසීය.

නව ප්‍රවෘත්ති මැදිරියේ පළමු මාධ්‍ය සාකචඡාව සඳහා අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනරෝහිත අබේගුණවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහභාගි වූහ.

Political Gossip.

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here