පවතින තත්ත්වයට ජනතාවට උපදෙස්

උද්ගතව අති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස රජය තීරණ රැසක් ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලයි

කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කර තිබේ.

බස්රිය සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මේ පිළිවෙත අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනු ලැබෙනවා. සමාජ දුරස්ථතාවය පවත්වාගනු සඳහා බස්රියෙන් සහ දුම්රියෙන් මගීන් ගෙන යා හැක්කේ එහි ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ සතොස හා සමූපකාර ඇතුළු වෙළෙඳසැල් වෙත ප්‍රමාණවත් පරිදි රජය නිකුත් කර තිබෙන අතර ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදාහැරීමට ද එම වෙළෙඳසැල් වෙත උපදෙස් ලබා දී ඇත.

ලබන සඳුදා (23) පෙ.ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22 ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට ද නියමිතය.

ඊයේ දිනය වන විට මෙරටින් කොරෝනා රෝගීන් 59ක් වාර්තා විය. ඒ අනුව මේ වන විට සම්පුර්ණ කොරෝනා වෛරස් ආසාධිත සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් ඇත

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here