ලෝක සෞඛ්‍ය සංවිධානයේ තරුණයන්ට පණිවුඩයක්

ලොව පුරා සිටින තරුණ ප‍්‍රජාව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඔවුන් නව කොරෝනා වෛරසයෙන් නිදහස් වන කාණ්ඩයක් නොවන බවත් එබැවින් ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයක් පවතින පසුබිමක් තුළ තරුණ ප‍්‍රජාව වැඩිහිටි පුද්ගලයින් සමග සමාජගතවීම හෝ ඔවුන් සමග සමීප සන්නිවේදන පැවැත්වීමෙන් වැළකිය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙයි.

ඒ අනුව තරුණ ප‍්‍රජාව සිදුකරන තෝරා ගැනීම තවත් පුද්ගලයෙකුගේ ජීවිතය හෝ මරණය පිළිබඳ ගන්නා තීරණයක් බව ද මේ අතර අමෙරිකානු උප ජනාධිපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඔහු ඉකුත් දින කිහිපයේදී උප ජනාධිපති මයික් පෙන්ස් සමග සමීපව රාජකාරී කටයුතු කල අයෙකු බවයි අමෙරිකානු උප ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය. මේ අතර සිංගප්පූරුවෙන් අද ප‍්‍රථමවරට නව කොරෝනා මරණ වාර්තා විය.

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here