කොරෝනාවේ සැබෑ තත්වය සමඟ රජයෙන් විශේෂ උපදෙස්

රජය, සෞඛ්‍ය අංශ සහ ආරක්‍ෂක අංශ ලබාදෙන උපදෙස්වලට ජනතාව අවනත නොවුවහොත් කොරෝනා වෛරසය රට තුළ සීග‍්‍රයෙන් ව්‍යාප්තවීමේ දැඩි අවධානයක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

කොරෝනා ආසාදිතයින් වැඩි වුවහොත් එය මෙරට සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයටද දරාගත නොහැකි වනු ඇත.

එම අවදානම් තත්ත්වය පිළිබද පැහැදිලි කරන අමෙරිකාවේ එම්. ඞී. ඇම්ඩර්සන් පිළිකා රෝහලේ සහ අමෙරිකාවේ වූෂ්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය කියා සිටියේ මෙම රෝගී තත්ත්වයන් යටතේ රෝගීන් රැසක් එකවර එකතු වුවහොත් රෝහල් තුළ කටයුතු සිදු කර ගැනීමට අපහසු වෙන බවයි. අද ලෝකයේ බොහෝ රටවලට සිදුව ඇත්තේ එවැනි තත්ත්වයක් බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කරනු ලැබ ඇත.

එම නිවේදනයේ සදහන් පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව “Chioroquine” “ක්ලෝරෝකුයිනීන්”සහ “හයිඩෝක්සික්ලෝරෝකුයිනීන්” “Hydroxychioroquine” නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබයි.

මෙම නියෝගයන් / උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / ඇයට නඩු පවරනු ලබන බව ද එහි වැඩිදුරටත් සදහන් වේ.

එමෙන්ම දැනට පවතින පවතින ඇඳිරි නීතිය කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල අඟහරුවාදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වෙයි. එම දිස්ත්‍රික්ක 3 සඳහා එදිනම පස්වරු 2 සිට යළිත් ඇඳිරි නීතිය බලපැවැත් වෙයි. අනෙක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට(23) උදෑසන 6ට ඉවත් කර යළි දහවල් 2 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම ඇඳිරි නීතිය ද අඟහරුවාදා උදෑසන 6 දක්වා බලපැවැත් වෙයි.

සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම ගැන පසුව දැනුම් දෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇත. ඇඳිරි නීතියෙන් ගොවිතැනට බාධාවක් නොමැත. එමෙන්ම චූන්පාන් වෙළෙන්දන්ට දැඩි කොන්දේසි
දමා ඇත. ඒ අනුව ඔවුන් මුඛ ආවරණ භාවිත කල යුතු අතර හොද සෞක්‍ය තත්ත්වයෙන් සිටිය යුතුය.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.

එළවළු ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට ද ඉඩ සලසා තිබේ

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here