ලිසිං පහසුකම් ඇතුළු බැංකු ණය වාරික වලට සහන කාලයක් දීමට සැලසුමක්

මේ වන විට රට තුල ඇති වී තිබෙන කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් ආර්ථිකයට ඇති වී තිබෙන දැඩි අර්බුදකාරී තත්වයට පිළියම් සෙවීමට මේ වන විට රජය සැලසුම් හදමින් සිටියි.

එහිදී මාසිකව වාරික ගෙවන මධ්‍යම සහ සුළු පරිමාණ වියාපාරිකයන් උදෙසාද කිසියම් සහන කාලයක් ලබා දිය යුතු බවට මේ වන විට කතා බහට ලක්ව තිබේ.

රජය මාස 6ක සහන කාලයක් ලබා දුන්නත් එය වියාපාරික ප්‍රජාවේ එක්තරා කණ්ඩායමකට පමණක් ලැබෙන බැවින් අනෙක් ණය පහසුකම් සදහාද අවම වශයෙන් මාස 3ක සහන කාලයක් ලබා දිය යුතු බව කොළඹ වානිජ්‍ය මණ්ඩලයේ සභාපති සාරංග මෙන්ඩිස් මහතා පවසයි.

ඒ අනුව ඔවුන් එම ඉල්ලීම රජයට ඉදිරිපත් කරමින් පවසන්නේ මාස 3ක් හෝ 6ක් ලිසිං සහ අනෙක් සියලුම ණය වාරික සදහා ලබා දීමට කයුතු කරන ලෙසටය.

එමෙන්ම ඇදිරිනීතිය ඉවත් කල පසු බැංකු වලට අතවශ්‍ය කටයුතු සදහා පමණක් යන ලෙසට සාරංග මෙන්ඩිස් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

  • අශන්ති වරුණසුරිය
0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here