ඉතාලියේදී මිය ගිය බව කියන ශ්‍රී ලාංකිකයාගේ සිද්ධිය ගැන තොරතුරු සොයයි

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව පිළිබඳව මේ වන විටත් ශ්‍රී ලංකා රජය සත්‍ය තොරතුරු සොයමින් පවති.

එම සිද්ධියට අදාළ තොරතුරු තහවුරු කර ගැනීම වෙනුවෙන් එරට පිහිටි තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් මේ බව සොයමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසිය.

මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ඇති බවද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here