කොරෝනා රෝගීන් ගණන 102ක්. කොතළාවල ආරක්ෂක අනුබද්ධ රෝහලක 2න්නෙක්ට කොරෝනා

කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ වේරහැර ප‍්‍රදේශයේ පිහිටි රෝහලේ සේවය කරන දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම රෝගීන් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා අංගොඩ IDH රෝහල වෙත යොමු කර ඇත

ඒ අනුව ඔවුන් දෙදෙනා සමග එම රෝහලේ ගැවසුණු සියලූදෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

මේ වනවිට මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 කි. ඊයේ දිනයේ පමණක් රෝගීන් 05 දෙනෙකු වාර්තා විය.

සැක කෙරෙන තවත් රෝගීන් 229 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබයි

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here