ජනපති ලෝක මුල්‍ය ආයතනවලින් ණය ගෙවීමට සහන කාලයක් ඉල්ලයි

කොරෝනා හෙවත් කොවිඩ්19 වෛරසයේ තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන්ට අන්තර්ජාතික මුල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here