ලංකාවේ පළමු කොරෝනා මරණ පුද්ගල දේහය ආදාහනය කෙරේ

ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා අසාධිතව මිය ගිය පුද්ගලයාගේ දේහය අද (ඉරිදා) පෙරවරුවේ ආදාහනය කල බව බලධාරීහු පවසති.

දැඩි පොලිස් ආරක්ෂාව යටතේ මෘත දේහය කොටිකාවත්ත සුසාන භූමියේදී ආදාහනය කරන ලදී. මෘත දේහය සුසාන භූමියට ගෙන යාමට පෙර ඥාතීන් දෙදෙනෙකු හඳුනා ගැනීමට අවසර දී ඇත.

පිළිගත් ජාත්‍යන්තර රෙගුලාසි යටතේ දේහය ආදාහනය කිරීම සහතික කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් සුසාන භූමියේ සිටියහ.

60 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ අංගොඩ ජාතික බෝවන රෝග ආයතනයේ (IDH) ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ගිය අතර ඔහු තවත් රෝග ගණනාවකින් පෙළුන බව සෞක්‍ය අංශ පැවසිය

  • By Indika Sri Aravinda

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here