එකම පවුලේ පස් දෙනෙකුට කොරෝනා ධනාත්මක වෙයි

පුත්තලම දිස්ත්‍රික්කයේ එකම පවුලක සාමාජිකයින් පස් දෙනෙකු කොවිඩ් 19 ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් තහවුරු වී ඇති බව වාර්තා වේ.

ආසාදිත රෝගීන් අතර මාස 4 ක් වයසැති ළදරුවෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මිය පැවසීය.

අමාත්‍යවරිය පැවසුවේ ඊයේ දිනයේදී මෙම පවුල රඳවාගෙන නිරෝධායනය කර ඇති බවයි.

අද දින පවත්වන ලද පරීක්ෂණ වලදී ඔවුන් සියල්ලන්ම කොවිඩ් -19 සඳහා ධනාත්මක වී ඇති බව ඇය වැඩි දුරටත් පැවසුවාය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here