චීනයේ ෂැංහයි නුවර සිට වෛද්‍ය ආධාර

ශ්‍රී ලාංකික ගුවන් සේවය පැවසුවේ චීනයේ ෂැංහයි නුවර සිට වෛද්‍ය ආධාර තොගයක් ප්‍රවාහනය කර ඇති බවයි.

මෙය චීනයේ ශ්‍රී ලංකා ප්‍රජාව විසින් ගුවැන්ෂු සහ ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරුන් හරහා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද පරිත්‍යාගයකි.

මේ සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පහසුකම් සපයන ලදී.

මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම්, ඇස් කණ්ණාඩි, මුහුණු ආරක්ෂණ ආවරණ, නෙබියුලයිසර්, ස්පන්දන ඔක්සිමීටර, උෂ්ණත්වමාන සහ ග්ලූකෝමීටර වැනි අත්‍යවශ්‍ය වෛද්‍ය භාණ්ඩ මෙම තොගයේ අඩංගු වූ අතර ඒවා වෛද්‍ය ප්‍රතිකාරසඳහා රජයේ රෝහල්වල බෙදා හැරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ට භාර දෙනු ඇත.

COVID19 වසංගතයට එරෙහි රටක්ලෙස සටන් වදින මොහොතක ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය වෙහෙස නොබලා සේවය කරයි.

මෙම වෛයිරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී යාමේසිටම, ශ්‍රීලංකන්ගුවන් සේවය ශ්‍රී ලාංකිකයන්ට නිවෙස් කරා පැමිණීමට පසුකම් සැලසීමේ දී වැදගත්කාර්යභාරයක් ඉටු කරමින් සිටියි.

පසුගියදා ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 829 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ සහයෝගීතාව සහ උපදෙස් පරදි ආපසු ගෙන්වා ගැනීමට සහ චීනයේ වූහාන් නගරයේ සිටිපිරිස ගෙන්වා ගැනීමට ද ගුවන් සේවා පහසුකම් සලසමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාතික මෙහෙවරක් ඉටු  කරන ලදී.

මෙම අවස්ථාවේ  දී ජාතික මෙහෙවරක් ඉටු කිරීම පිළිබඳව ශ්‍රීලංකන්ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය සහ කළමනාකාරිත්වය ඉමහත් ආඩම්බරයට පත්වන අතර COVID19 වසංගතයට එරෙහිව සටන්කරන මොහොතක රටේ සාමූහික ප්‍රයත්නය සඳහා ආධාර අවශ්‍ය වන ඕනෑම ස්ථානයට ගුවන් සේවයඅඛණ්ඩව ළඟා වීමට සූදානමින් සිටියි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here