තවත් පිරිසක් නිවෙස් වෙත

විදෙස්රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි තවත් කණ්ඩායමක් අද (01) සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

නිරෝධායන කාලසීමාව අවසන් කළ විදේශිකයෙකු ඇතුළු පුද්ගලයින් 100 දෙනෙකු අද උදෑසන මෙලෙස එම මධ්‍යස්ථානවලින් පිටත් කර ඇත.

ඔවුන් දියතලාව, ධම්මින්න සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් වේ.

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 2121 දෙනෙකු මේ වන විට සිය නිවෙස් වෙත පිටත් කර හැර ඇති අතර 1500කට වැඩි පිරිසක් තවදුරටත් මධ්‍යස්ථාන 32ක රැදී සිටියි.

මේ වන විට මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ මුළු ගණන සංඛ්‍යාව143 කි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here