බේරුවල පුද්ගලයින් 140ක් ස්වයං නිරෝධායනයට

බේරුවල පොලිස් වසමට අයත් පන්නිල ප්‍රදේශයෙන් (31) දා එකම පවුලේ පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන IDH උණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එම ආසාදිතයන් පදිංචිව සිටි පන්නිල ග්‍රාමයේ පවුල් 51 පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සිය කැමැත්තෙන් එක් වී ඇත.

පන්නිල ග්‍රාමයෙන් හඳුනාගත් පවුලේ පිරිමි පුද්ගලයා වූ මැණික් ව්‍යාපාරිකයා ප්‍රථමයෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අයි ඩී එච් රෝහලට මාරු කර පසුව ඔහුගේ බිරිඳ, අවුරුදු එකහමාරක් වයසැති දරුවා, බිරිඳගේ මව හා පියා යන අය රෝහල්ගත කර තිබේ.

බේරුවල ප්‍රදේශයේ යුද හමුදාව 150 ද පොලිසිය 40 දෙනකු ද යොදවා ආසාදිතයන් ගැවසී ඇති බවට හඳුනාගත් ප්‍රදේශවලට පිටස්තර අයට ඇතුළත් වීමට සහ පිටවීමට නොහැකි වන පරිදි ආරක්ෂාව තර කර ඇත.

නිරෝධායනට එක්කල පිරිස යුද හමුදාව විසින් බස්රථ වල නංවා රැගෙන යාම සිදු කළේය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here