ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ

මිගමුව ප්‍රදේශයෙන් පසුගිය (30) වාර්තා වූ කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය දෙවන පුද්ගලයා ආදාහනය කිරීමත් සමඟ විරෝධතා එල්ල විය. ඒ එලෙස මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු වූ බැවින් ඔහුව ආදාහනය කිරීම නිසාය.

මෙරට තුල කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා සෞක්‍ය අංශ සහ ආරක්ෂක අංශ අසීමිත කැපකිරීමක් සිදුකරන මොහොතක මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීම අගමානුකුල නොවන බව පවසමින් මුස්ලිම් දේශපාලඥයින් කිහිප දෙනෙකු සහ ආගමික නායකයන් යැයි හඳුන්වන පිරිසක් විසින් ප්‍රකාශ නිකුත් කරමින් විරෝදය දක්වා ඇති අයුරු සමාජ මාධ්‍ය හරහා දැක ගැනීමට හැකි විය.

මේ පිළිබදව Colombo Gazette අප සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ තරුණ අංශයේ සම්බන්ධීකාරක නුස්රත් නව්ෆල් හක්කානි මව්ලවිතුමා ගෙන විමසීමු.

මව්ලවිතුමා පැවසුවේ ඔහුට කිසිදු දේශපාලනයක් නොමැති බවත් නමුත් එම දේහය ආදාහනය කිරීම සම්බන්දයෙන් කණගාටුවක් ඇති බවත්ය.

කෙසේ වෙතත් කොරෝනා ආසාධිතයන්ගේ අවසන් කටයුතු සියල්ල සිදුවන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් මත බව තමන් ඒ බව තමා හමුවුණු මුස්ලිම්වරුන්ට ද ප්‍රකාශ කල බව ද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසිය.

උලමාවරුන්ගේ සභාව මේ පිළිබදව ජනාධිපති සමඟ සාකච්ජා කල බවත් එහිදී භූමිදානය කිරීමට එකඟ වූ බවත් මව්ලවි නව්ෆල් පැවසීය. ලෝක සෞක්‍ය සංවිධානය භූමිදානය කිරීමට අනුමැතිය ලබා දී ඇති බවද මතක් කරමින් මව්ලවි නව්ෆල් මෙසේද වැඩි දුරටත් පැවසිය.

යම් පුද්ගලයකු මරණයට පත්වීමේදී එම පුද්ගලයා වෙනුවෙන් කලයුතු ප්‍රධාන වගකීම් හතරක් මුස්ලිම් සමාජයට පවරා තිබෙනවා. එනම් ස්නානය කරවීම, කෆන් හෙවත් වස්ත්‍රයක් ඇන්ද වීම, මරණ සලාතය හෙවත් නැමදුම ඉටුකිරීම, භූමිදානය කිරීම. ඉහත කරුණු හතරම සාමාන්‍ය මරණයකදී අනිවාර්යෙන් මුස්ලිම්වරු කළ යුතුමයි. නමුත් කොවිඩ්19 වැනි භයානක රෝගයක් ආසාදනය වී යම් හෝ පුද්ගලයෙකු මරණයට පත්වේ නම් සෞඛ්‍ය අංශයේ සහ වෛද්‍ය උපදෙස් මත අවසන් කටයුතු කිරීමේ ක්‍රමයට අනුව භූමිදානය පමණක් කිරීමට එකග වුණා.

කෙසේ වෙතත් සියල්ල සමග මුස්ලිම්වරුන්ගේ කම්පනය සහ පීඩනය සාධාරණයි යන්න වටහාගත හැකි යැයි විශ්වාස කරන්නෙමි. ඊට අමතරව මෙවන් කරුණු කාරණා දේශපාලන උවමනාවකට හෝ ජාතිවාදී හැඟීමක් ඇති කිරීමට උපයෝගී කරගන්නවා යැයි හැඟෙන පරිදි කටයුතු කිරීමත් කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. එම නිසා මෙම කටයුත්ත ගැන විවෘත දෑසින් බලා විද්‍යාත්මකව තහවුරු කර ඇති ආකාරයට නිසි ක්‍රමානුකූල භූමිදානය හෝ ආදාහනය යන දෙකම තුළින් මෙම කොවිඩ්19 වෛරසය පැතිරයාම වළක්වා ගත හැකි යැයි තහවුරුවී ජාත්‍යන්තර රෙගුලාසි ද ක්‍රියාත්මක වෙමින් මහා බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉන්දියාව වැනි බොහෝ රටවල එම තීරණ ගෙන තිබියදී මේ ගැන විවෘත දෑසින් සොයාබලා තීරණයක් ගැනීමට ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස සියලුම වෛද්‍ය නිලධාරීන්ගෙන් හා බලධාරීන්ගෙන් ඉතාමත්ම ආදරයෙන් හා ගෞරවයෙන් ඉල්ලනවා

  • අශන්ති වරුණසුරිය
0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here