කොරෝනා තුන්වන මරණය ගැන පැහැදිළි කරයි

කොරෝනා වෛරසය ආසාදිත තෙවන මරණය ඊයේ (01) රාත්‍රියේ සිදු විය. මරණයට පත් වූ පුද්ගලයා 73 හැවිරිදි පිරිමි අයෙකු වන අතර ඔහු කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින විට කොරෝනා වෛරසය ආසාදිතයෙකු බව ඊයේ දිනයේදීම තහවුරු වීමෙන් එම රෝගියාකොළඹ IDH රෝහලට මාරු කරන අවස්ථාවේ මිය ගොස් තිබේ.

මොහුට දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් ද තිබු බවත් රෝගියා රෝහල් ගතව ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැහැදිළි කිරීමක් සිදු කරමින් පැවසිය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here