අණ නොතකා පලා ගිය රථයේ සිටි පුද්ගලයින් ජාවාරම්කරුවන්

මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය මෝටර් රථයේ සිටි පුද්ගලයින් අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු සහ බන්ධනාගාරයෙන් පැන ආ පුද්ගලයෙකු ද වන බව අනාවරණ වී තිබේ.

ඊයේ (03) රාති‍්‍රයේ ඔවුන් ඇතුළු සිව්දෙනෙකු මෝටර් රථයකින් මෙලෙස පොලිස් අණ නොතකා පලා ගොස් තිබුණු අතර පසුව පොලීසිය ඊට වෙඩි තැබූ අතර වෙඩි තැබීමෙන් එහි සිටි පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලැබූහ.

එක් තුවාලකරුවෙකු 2018 වසරේ හෙරොයින් ලග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අයෙකි.

එමෙන්ම අනෙක් තුවාලකරුවෙකු වරෙන්තුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කර පසුව බන්ධනාගාරගතව සිටියදී ඉන් පළාගිය අයෙක් බවත් ඔහු ද හෙරොයින් ජාවාරම් කර ඇති බවට අනාවරණ වී තිබෙන බව පොලිසිය පවසයි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here