මැකෝ ගෙන් ජනපතිට ලිපියක්

පවතින තත්ත්වය මත මහ මැතිවරණය පැවැත්වීම සහ යළි පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් ගැටලූ පැවතීම නිසා ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සුදුසු බව මැතිවරණ කොමිසම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ මස 25 වන දින මහ මැතිවරණය පැවැත්විය නොහැකි බවත් එය පැවැත්විය හැක්කේ මැයි මස 14 වැනිදායින් පසු දිනක බව ද එම කොමිසම මීට පෙර නිවේදනය කළේය. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන දිනය ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත් කළ යුතු අතර එම දිනය පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 03 කට පෙර දිනයක් විය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව, ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

ඒ අනුව නව පාර්ලිමේන්තුව ජුනි මස 01 වැනිදා රැස්විය යුතු බැවින් මැයි මස 27 හෝ 28 යන දිනවල මහ මැතිවරණය පැවැත්විය යුතු බවද එසේ වන්නේ නම්, ලබන 20 වැනිදා සිට හෝ සිය නිලධාරීන් මැතිවරණ කටයුතු ආරම්භ කළ යුතු බව ද එම ලිපයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

විශේෂඥ මත අනුව නව කොරෝනා වෛරසය පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීමට අපේ‍්‍රල් මාසය තුළ හැකියාවක් නොලැබෙන බව පැහැදිළි වී ඇති බව ද ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවූ දිනයේ සිට මාස 03 ක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බැවින් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා කඩිනමින් කි‍්‍රයාකිරීම යෝග්‍ය බවයි මැතිවරණ කොමිෂන් සභාව යොමු කළ එම ලිපියේ වැඩිදුරටත් දැක්වා තිබේ

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here