කොරෝනා රෝගීන් සංඛ්‍යාව 170 දක්වා ඉහලට

Update

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 170 දක්වා ඉහලට 17:00pm

නව කොරෝනා වෛරසය වැළදුණු මෙරට රෝගීන් සංඛ්‍යාව 170ක් දක්වා ඉහල ගොස් ඇත. අද (05) දිනයේ මේ වන විට කොරෝනා ආසාධිත වූ පුද්ගලයින් සිව්දෙනෙක් වාර්තා විය

ඊයේ (04) සවස සිට මේ වාර්තා වූ රෝගීන් 08 දෙනාගෙන් තිදෙනෙක් හෝමාගම රෝහලේ දී හඳුනා ගෙන ඇත.

එක් පුද්ගලයෙක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.


කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව ඉහලට 11:27pm

කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සිව් දෙනෙකු මෙරටින් හමු වීමෙන් මේ වනවිට ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 166ක් වී ඇත.

වෛරසය ආසාදනය වී සුවය ලබා පුද්ගලයින් 27 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදනය වූ රෝගීන් 138 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබයි.

වෛද්‍ය අධීක්‍ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 273 කි. කොරෝනා වෛරසය ආසාදනයෙන් මේ වනවිට ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 5කි.

මේ අතර ඊයේ (04) පස්වරුව වනවිට අවසන් වරට හදුනාගෙන තිබූ රෝගීන් 11 දෙනාගෙන් තිදෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී හදුනාගෙන තිබේ. එමෙන්ම අමෙරිකාවේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි තවත් දෙදෙනෙකුද ඒ අතර වේ. තවත් එක් පුද්ගලයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී හදුනාගෙන ඇති අතර තවත් පුද්ගලයෙකු හදුනාගෙන ඇත්තේ හලාවත ප‍්‍රදේශයෙන්. විදේශිකයින් සමග සමීපව කටයුතු කළ අයෙකුද මේ අතර වේ

අකුරණ ප‍්‍රදේශයෙන් හදුනාගත් රෝගියා සමීපව ඇසුරු කළ දෙදෙනෙකුද තහවුරු කළ රෝගීන් අතර සිටියි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here