කොරෝනා අස්සේ බන්ධනාගාරයට කුඩු

අනුරාධපුර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැගෙන යන බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු හදුනාගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාරය පවසයි.

ඒ අනුව ඔවුන් පිළිබද විමර්ශන ආරම්භ කර ඇත. එමෙන්ම මෙම පිරිස පිළිබද බන්ධනාගාර මූලස්ථානයද දැනුවත් කර ඇත.

එම පිරිසෙන් එක් අයෙකු ඊයේ අත්අඩංගුවට ගැණුනේ බන්ධනාගාරගත සිරකරුවෙකු හරහා බන්ධනාගාරය තුළට හොරොයින් යැවීමට උත්සාහ කිරීමේදීය.

එහිදී සොයා ගැණුනු හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 4 යි මිලිග‍්‍රෑම් 820 ක් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. අදාළ සිරකරුවාටද පානය කිරීමට හෙරොයින් ලබාදි ඔහු හරහා බන්ධනාගාරය තුළට හෙරොයින් යැවීමට තැත් කර ඇත්තේ එහි සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයෙක් බව පැවසේ.

මේ අතර මීගමුව බන්ධනාගාරය තුළට ආහාර සහ වෙනත් ද්‍රව්‍ය රැගෙන යාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයෙකු එම බන්ධනාගාරයට යොමුකර ඇත.

ඒ, බන්ධනාගාර මූලස්ථානය විසින්. කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ ව්‍යාප්තවීම නතර කිරීමේ අරමුණින් සියළු බන්ධනාගාරයන්ට ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය පිටතින් ලබාගැනීම තාවකාලිකව තහනම් කර තිබේ

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here