කොරෝනා මඩින්න ස්වයංක්‍රීය විෂ බීජිහරණ කුටියක් නිපදවයි

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මැඩලීම සදහා විද්‍යාණුකූලව කාර්යක්ෂම ස්වයංක්‍රිය විෂ බීජිහරණ කුටියක් නිපදවීමට පුත්තලම, තබ්බෝව ප්‍රදේශයේ තරුණයෙකු සමත්ව තිබුණි.

ඉවතලන ද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවා ඇති මෙම කාර්යක්ෂම ස්වයංක්‍රීය විශබීජ හරණ කුටිය තුළිට ඇතුළු වන ඕනෑම පුද්ගලයෙකුට සිය සිරුර සම්පූර්ණයෙන් තප්පර 4ක් වැනි කෙටි කාලයක් තුළ විශබීජි හරණයට ලක්කර ගැනීමේ හැකියාව මෙම යන්ත්‍රය ඔස්සේ ස්වයංක්‍රීයව සිදුවන බව කියයි.

අදාල විෂබීජිහරණ කුටිය සතියක් වැනි කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කිරිමට හැකිව ඇති අතර, මෙම නිර්මාණය තමන් විසින්ම සොයා ගත් නව නිපැයුමක් වන බවයි අප කල විමසුකදී පුත්තලම, තබ්බෝව ප්‍රදේශයේ පදිංචි යූ.ජී.සමරජීව මහතා කියා සිටියේ මොහු දැනට රජයේ ආයතනයකට අනුබද්ධිතව සේවය කරන්නෙකුද වේ.

බහුතරයක් මහ ජනතාව එක් රැස්වන පොදු ස්ථානවල මෙම යන්ත්‍රය ස්ථාපිත කර ඔවුන්ගේ සනීපාරක්ෂාව සෞඛ්‍යාරක්ෂිතව සුරක්ෂිත කිරීම අරමුණ කර ගනිමින් මෙය නිර්මාණය කල බව කියයි.

විශාල මුදල් වැය කර විදේශිය රටවලින් මෙරටට ආනයනය කරනු ලබන විෂබීජි හරණ යන්ත්‍ර වෙනුවට මෙය භාවිතා කිරීමෙන්ද සිදුවන්නේ එකම කාර්ය බවයි මොහු පෙන්වා දෙන්නේ.

රුපියල් 10000ක් වැනි සුළු මුදලක් වැය කොට මෙවැනි කාර්යක්ෂම යන්ත්‍ර නිපදවීමට හැකි බව කියයි. (Colombo Gazette)

By K. Priyankara Kaluphana

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here