වෛරස් අසාදිතව මියගිය සිව්වැන්නාගේ දියණියක් සිද්ධිය ගැන කතා කරයි

කොරෝනා නිසා පසුගියදා ජීවිතය හැර ගිය 4 වැනි ශ්‍රී ලාංකිකයා වූ රත්මලාන වෙඩිකන්ද පාරේ විසූ 58 හැවිරිදි මාරියෝ හේමාල් සිල්වා මහතා පිළිබඳ ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවූ වැරදි ආරංචි ගැන කණස්සල්ලට පත්වන බවත් ඔහු අන් අයට රෝගය බෝ කළ අයෙකු නොවන බවත් ඔහුගේ ඥාති දියණියක විසින් දීර්ඝ ෆේස් බුක් සටහනක් තබමින් ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ වෙලන්කන්නි කතෝලික පල්ලියේ වන්දනා ගමනකට සිය බිරිය සමග ගිය හේමාල් මහතා නැවත ලංකාවට ආ අවස්ථාවේකටුනායක ගුවන් තොටුපළේදී ඉතාලියේ සිට නිරෝධායනයට අකමැත්තෙන් කලහ කළ පිරිසට මැදිවන්නට සිදුවූ බවටත් ඒ අනුව රෝගය සම්ප්‍රේෂණය වන්නට ඇති බවටත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි .

මෙහිදී ඔහුගේ බිරියටද රෝගය වැළඳුණ නමුත් ඇය පසුව සුවය ලැබීය. ඥාති දියණිය පවසන පරිදි ඉන්දීය සංචාරය අතර එකම පිරිසක් සමග මේ දෙන්නා එහාමෙහා ගිය බවත් ඒ පිරිසේ කිසිවෙකුට කොරෝනා වැළඳී නැති බව තහවුරු කර ගෙන ඇත.

එබැවින් ගුවන් තොටුපළේ සිද්ධිය නිසා ඔහුට කොරෝනා වැළඳෙන්නට ඇතැයි තමන් අනුමාන කරන බවත් කෙසේ වෙතත් රෝගය ගැන සැලවූ මුල් අවස්ථාවේ සිට ඔහු නිසි පියවර ගත් බවත් යම් යම් විද්‍යුත් මාධ්‍ය හා ඇතැම් සමාජ මාධ්‍ය මගින් හේමාල් මහතා රෝගය පතුරුවමින් ගිය බවට කළ චෝදනා අසත්‍ය බවත් ඒ ගැන කණගාටුවන බවත් ඇය සිය සටහනෙන් දන්වයි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here