සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාර සිදු කළ කාන්තාවක් රිමාන්ඩ්

කොවිඩ් 19 කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය කාන්තාවක් ඊයේ දිනම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයක් අනුව ඊයේ(05) දින වාද්දුව ප්‍රදේශයේ දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම අන්තර් ජාලය භාවිතා කරමින් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවන හා ඒවා අනෙකුත් අය අතර හුවමාරු කරන අය ගැන දැඩි අවදානයෙන් පසු වන බවද එවන් පිරිස වහාම අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here