බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට

නව කොරෝනා වෛරසය වැලදීම හේතුවෙන් රෝහල් ගත කර සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ නරක අතට හැරෙමින් පැවතීම හේතුවෙන් වෛද්‍යවරුන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති බවයි.

හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් සිය ධුරයේ වැඩ බැලීම සඳහා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඩොමිනික් රාබ්ගෙන් අවශ්‍ය අවස්ථාවන්හිදී නියෝජිතයෙකු ලෙස කටයුතු කරන ලෙස ඉල්ලා ඇත.

ඉකුත් මාර්තු මස 27 වෙනිදා බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැලදී ඇති බවට පළමුව තහවුරු වූ අතර
ඊයේ (05) දිනයේදී ඔහු ලන්ඩනයේ පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුලත් කළේය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here