ලන්ඩනයේ සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනෙකු මරුට

කොරෝනා වෛරසයට ගොදුරු වූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

එක් අයෙක් ලන්ඩනයේ පදිංචි වයස අවුරුදු 72 ක් වූ ලලිත් චූල පෙරේරා ඔහු වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළී ඇත. ඔහු කොරෝනා රෝගී තත්ත්වයෙන් පෙළෙද්දී රෝහල කරා ඔහුව රැගෙන යෑමට ගිලන් රථයක් පැමිණ ඇත්තේ පැය එකහමාරක් පමණ ප්‍රමාද වී ඇති බව පැවසේ.

අනෙක් පුද්ගලයා උතුරු ලන්ඩනයේ ප්‍රදේශයක පදිංචි අනුර ගාල්ලගේ නැමැති 62 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු කොරෝනා වෛරසයට ගොදුරු වීමට පෙර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ පුද්ගලයෙකු බවයි සඳහන් වේ.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here