සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ අපහාස කළ පුද්ගලයින් 12ක් දැලේ

සමාජ මාධ්‍ය ඔස්සේ ඔස්සේ වීඩියෝවක් සහ අසත්‍ය ප්‍රකාශයක්සිදු කරනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙක්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි එක් පුද්ගලයෙක් අංගොඩ, කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් පුද්ගලයා පොල්ගහවෙල රෝහලේ කොරෝනා ආසාධිතයින් සිටින බවට අසත්‍ය සටහනක් සමාජ මාධ්‍ය වෙත මුදාහළ 43 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. නිරෝධායන ක්‍රියාවලිය හාස්‍යට ලක් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කළ කාන්තාවක් ඇතුළු 09 දෙනෙක් පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here