උපත ලබාදුන් අය පවා බිල්ලට ගන්නා රහසිගත ජීවී අවිය කොවිඩ් 19

මේ ලිපිය ලියන විට අමෙරිකාව තුළ වෛරසය වැළඳුණු තවත් රෝගීන් 1,858ක් මරණයට පත් වී ඇත. මේ දක්වා අමෙරිකාවෙන් වාර්තාවූ වැඩිම රෝගී මරණ සංඛ්‍යාව එයයි. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 12,800 ඉක්මවයි. වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති වැඩිම පිරිස වාර්තා වන්නේ ද අමෙරිකාවෙයි. මේ වන විට එම සංඛ්‍යාව 399,937කි. එමෙන්ම මේ අතර ප්‍රංශයෙන් ඊයේ දිනයේ මරණ 833ක් වාර්තා වී තිබුණි.

මේ අනුව ප්‍රංශයේ මිය ගිය මුළු සංඛ්‍යාව 10,328ක් දක්වා ඉහළ ගියේය. එරට සිටින කොවිඩ් – 19 රෝගීන් ගේ මුළු ගණන 109,069කි. මේ අතරතුර, කොවිඩ් – 19 වෛරස් රෝග ලක්ෂණ “උත්සන්නවීම” හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට දෙවන දිනටත් දැඩි සත්කාර ඒකකයේ ගත කිරීමට සිදුව තිබේ. එක්සත් රාජධානිය තුළ වෛරසය ආසාදිත රෝගීන් 439ක් ඊයේ දිනය තුළ පමණක් මරණයට පත් වී ඇති බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව එක්සත් රාජධානිය තුළ සිදු වී ඇති මුළු මරණ සංඛ්‍යාව 6,159 දක්වා ඉහළ ගියේය. යුරෝපය පුරා ජීවිත 50,000ක් මෙම වසංගතයට ගොදුරු වී තිබේ. කොවිඩ් 19 හේතුවෙන් ලෝකයේ වැඩිම පිරිසක් මරණයට පත් වූ රට ලෙස දැනට වාර්තා වන්නේ ඉතාලියයි. ඉතාලියේ දැනට සිදුවී ඇති මරණ ගණන 17,127කි. ඊයේ දිනය තුළ පමණක් එරටින් මරණ 636ක් වාර්තා වුණි. වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ දෙවැනි රට වන්නේ ස්පාඤ්ඤයයි. මේ දක්වා එරටින් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 14,045කි. මරණ 700ක් ඊයේ වාර්තා වුණි.

ඒවගේම ශී‍්‍ර ලංකාවෙන් හදුනාගත් කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 185 ක් දක්වා අද ඉහළ ගියේ මරණ සංඛ්‍යාව 6 කුත් වාර්තා කරමින්. මේ වන විට කොරෝනා වැළදුනු 42 දෙනෙකු මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව කොරෝනා වැළදුනු රෝගීන් 135 දෙනෙකු මේ වනවිටත් ප‍්‍රතිකාර ලබයි

අද අප්‍රේල් 8.2020 වන විට කොවිඩ් හි තත්වය එයයි.

අප වෙසෙන සෞරග්‍රහ මණඩලයට අයත් පෘතුවිය බිහිවුයේ යැයි සැලකෙන්නේ මීට වසර මිලියන ගණනකට ඵපිට දූවිලි අංශු බිලියන ගණනක ප්‍රමාණයක් ඝනීභවනය වී නිහාරිකාවකින් උපන් හැටියටයි. සෞරග්‍රහ මණඩලයේ අති විශේෂ ග්‍රහයා වන පෘතුවිය මත ජීවීන් බිහිවුයේ ඊටත් වසර මිලියන ගණනකට පසුවය.

සෞරග්‍රහ මණ්ඩලයේ ක්ෂීර පතයෙන් ඵපිටට යාමට තරම් බුදධියක් හිමි මිනිසා පෘතුවියේ සෙසු ජීවීන්ගෙන් විශේෂ ජීවියෙක් වන අතර ඔහුගේ තියුණු මනස භාවිත කොට විශ්වය, සාගර,මහද්වීප, කඳුෂිකර, ගංඟා, ග්ලැසියර කාන්තාර පසු කරමින් අධිවේගී ගමන නිරතව සිටිති.එහෙත් මිනිසාගේ මේ නොනිමෙන ආශාවන් පසුපස හඹායාම මොහාතකට නතර කිරිමට ඇසට නොපෙනෙන ජීවී අජීවී වෛරසයකට හැකියාව ඇතැයි කිවහොත් ඔබ ඊට එකඟ වනු ඇත.එම වෛරසයකින් සිදුකරන විනාශය ටොන් දහස් ගණනක් බරැති නියුට්‍රෝන බෝම්බයකට වඩා භයානකය.

ලෝකය වර්තමානයේදි බල අරගලයකට යමින් තිබෙන බව කාටත් නොරහසකි. අතීතයේ පැවති මහා සංග්‍රාම ගැන සොයන විට ජන මනස තුල වඩාත් මතකයට නැගෙන්නේ පළමු හා දෙවන ලෝක යුද්ධයයි. එහෙත් ඒවාද දැන් අතීතයේ නිදන්වී අවසන්ව ඇතැත් එම යුද්ධවල සැඟවුණු හේතුකාරණාද රැසක් ඇති බවට ඇතැම් බටහිර ගැතිනොවන යුධ විශ්ලේෂකයින්ගේ මතයයි. වර්ගවාදී හා ආගමික යුද්ධ, න්‍යෂ්ටික යුද්ධ, තාරකා යුද්ධ, වෙළඳ යුද්ධ, ආදිය දැන් දැන් යල් පැන යමින් තිබේ.

අද ලොවපුරා කාටත් හොර රහසේ ඉතා භයානක අන්දමින් පැතිර යන දරුණු මනුෂ්‍ය ඝාතන සංස්කෘතියට අළුතින්ම එක්වි තිබෙන්නේ ජීව රසායනික අවියයි. මෙහි භයානක බව කෙසේද යත් එය කවර මොහතක, කවර අයුරින් කවරෙකුට ප්‍රහාරය එල්ල කරයිද දන්නේ නැත.එහෙත් ජීව අවියට ඈත අතීතයක්ද නැතුවාම නොවේ.

1816-1819 අතර කාලයේදි ලක්ෂයකට අධික පිරිසක් මරුමුවට පත්වු පළමු කොලරා වසංගතය (First Cholera Pandemic) ආසියාව,යුරෝපය, ස්පාඤ්ය,ඉරානය හා ඕස්ට්‍රේලියාව පුරා පැතිර ගියේය. ඊට පෙර එනම් 1331-1353 අතර කාලයේදි මිලියන දෙසීයක ( මි 200) ජනතාවක් මරාදැමු “කළු මරණ වසංගතය” (Grand Bubonic Plague) ද, 16 වන සියවසේ එනම් 1520 දී මිනිසුන් මිලියන 5-8 අතර ප්‍රමාණයක් යුරෝපය, ආසියාව යන මහද්වීප වල මියගිය වසූරිය ( 1520 Smallpox Epidemic) වැනි වසංගත ඉතිහාසයේ ඇත.

ලොව පළමු ලිඛිත සාක්ෂි සහිත වසංගතය පිළිබදව තොරතුරු හමුවන්නේ (429-426 BC ) මිනිසුන් 75,000-100,000 අතර ප්‍රමාණයක් මරුවැලඳ ගත් ග්‍රීසියෙන් ආරම්භවු “ඇතැන්ස් වෛයිරසය” පිළිබදවයි. මෙම කාලය වන විට ග්‍රීසිය ලොව ධනවත් හා බලවත් රාජ්‍යයකි. මෙම වෛරසයෙන් ඇතැන්ස් නුවර ජනගහනයෙන් සියයට 25ක් පමණ මිය ගියේය.

වර්තමානයේ පැතිර යමින් පවතින කොරෝනා (2019-nCov) නව වෛයිරසයද එවැන්නකි. ඈත අතීතයේ වසංගතයන් පැතිරගිය අයුරු විශ්ලේෂනය කරන විට තමන් පමණක් ලෝක බලවතා යයි සිතා තමන්ගෙන් ගිලිහි යන බලය රැකගැනිමට රහසිගත ජීවී අවියක් ලෙස කොවිඩ් 19 නමින් උපත ලැබුවේ යයි නොසිතිය හැකිද.කරුණු නොදන්නා හා සත්‍ය සගවාගත් පිරිස් මෙහි චෝදනාව චීනය දෙසට එල්ල කලද එහි උපත තවමත් රහසකි.

කනගාටුවට කරුණ නම් කොරෝනා වෛයිරසයෙන් කිසිවක් නොදන්නා අහිංසක මිනිසුන් රැසකට ජීවිත අහිමි වීමත් ජීවත්ව සිටින්නන්ගේ ජන ජීවිතය සම්පුර්ණයෙන්ම මෙම භයානක වෛයිරසයෙන් විකෘති විමත්ය.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවා වූහාන් නගරය වසා දැමීමට ගත් තීරණය අද සිට අවලංගු විය. COVID 19 උපතට බොහෝ අය දොස් පවරන්නේ චීනයටය. විටෙක චීනයටද තවකෙක් තව රටකටද බොහෝ දෙනා බොහෝ දේ පැවසුවත් වෛයිරසය යනු තමහන්ට උපත ලබාදුන් අය පවා බිල්ලට ගන්නා මාරයෙකි. අවසානයේ පසක්වන්නේ පෟතුවියේ මීලග පැවැත්ම රඳා පවතින්නේ මානවයාගේ ක්‍රියාකාරකම් මත බව වසර 2500 ගණනකට පෙර බුදුරදුණ් දේශනා කළ ධර්මය වර්තමානයේදි සත්‍ය වෙමින් පවතීන බවයි.

අවසානයේදී ලෝකයේ එතෙක් මෙතෙක් පැවති වසංගතයන් පහතින් දැක්වේ. මියගිය සංඛ්‍යාව පහත සටහන තුල මෙලෙස සටහන් කරන්නෙමු.

කාලය මියගිය සංඛ්‍යාව වසංගතයේ නම පැතිරගිය රටවල් / මහද්වීප …

165-180 (මිලියන 5-10) වසූරිය
(Smallpox. Epidemic)රෝම අධිරාජ්‍යය

250-2 66 (මිලියන 1+)වසූරිය (Smallpox Epidemic) යුරෝපය

541-542 (මිලියන 25-100)ජස්ටීනියානු වෛරසය යුරෝපය,බ ආසියාව

735-737 (මිලියන 2)වසූරිය (Smallpox Epidemic) ජපානය

1331-1353(මිලියන 75-200) කළු මරණ වෛරසය (Grand Bubonic Plague)
යුරෝපය,ආසියාව, උ ඇමරිකාව

16 හා 17 වන සියවස 1520(මිලියන 5-8) වසූරිය (Smallpox Epidemic) මැක්සිකෝව

1545-1548-(මිලියන 5-15)සැල්මොනෙල්ලා වෛරසය (Possible Salmonella Enteric) මැක්සිකෝව

1576-1580-(මිලියන 2-2.5)සැල්මොනෙල්ලා වෛරසය මැක්සිකෝව

1592-1593-(19000≤)1592-93 ලංඩන් වෛරසය බ්‍රිතාන්‍ය

1629-1630-(280,000) ඉතාලි 1629 වෛරසය . (Italy Plague 1629) ඉතාලිය

1665-1666-(100,000) එංගලන්ත මහා වෛරසය(England Grand Plague) එංගලන්තය

1679 (76,000) වියානා මහා වෛරසය වියානා (ඕස්ට්‍රියාව)

18 වන සියවස 1720-1722- (100,000) සරම්ප Great Plague of Marseille ප්‍රංශය

1738-1763- (50,000) 1738 මහා වෛයිරසය -ඉතාලිය, ද ඇමරිකාව

1770-1772- (50,000) 1770 රුසියානු වෛයිරසය-රුසියාව

1772 (මිලියන 2) පර්සියන් වෛයිරසය-පර්සියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ස්පාඤ්ඤය

19 වන සියවස 1816-1819-(100,000) පළමු කොලරා වසංගතය
(First Cholera Pandemic
ආසියාව, යුරෝපය ස්පාඤ්ඤය, ඇමරිකාව
ඕස්ට්‍රේලියාව, ඉරානය

1829-1851-(100,000) දෙවන කොලරා වසංගතය (Second Cholera Pandemic
රුසියාව,ඔටෝමාන් අධිරාජ්‍ය

1852-1860-(මිලියන 1) තුන්වන කොලරා වසංගතය (Third Cholera Pandemic)
ආසියාව, යුරෝපයඋ ඇමරිකාව, ඊජිප්තුව
ද අප්‍රිකාව, එංගලන්තය

1855-1860-(මිලියන 12) Bubonic Plague Yellow Fever චීනය, ඉන්දියාව අප්‍රිකාව

1875-(40,000) 1875 සරම්ප (1875 Fiji Measles Outbreak ) ෆීජි, රුසියාව

1889-1890(මිලියන 1) ඉන්ෆුලුවෙන්සා
(1889/90 Flu)
ලොව පුරා

19 වන හා 20 වන සියවස

1899-1923 (800,000) 6 වන කොලරා වසංගතය
(Sixth Cholera Pandemic)
ලොව පුරා

1915-1926 (මිලියන 1.5) 1915 එන්සෙපලයිටීස්
1915 Encephalitis Lethargic-ලොව පුරා

1918-1920 (මිලියන 100) Spanish Flu
ලොව පුරා

1957-1958 (200,000) Asian Flu H2N2 හා
7 වන කොලරා වසංගතය
ලොව පුරා

1968-1969 (මිලියන 1) Hong Kong Flu ලොව පුරා

1974 (15,000) වසූරිය ඉන්දියාව

1960 සිට (මිලියන 32+) HIV/AIDS ලොව පුරා

21 වන සියවස

2002-2003 (774) SARS චීනය, ආසියාව, කැනඩාව

2008-2009 (4392) Zimbabwe Cholera සිම්බාබ්වේ

2012 (862+) MERS
(2012 Middle East Corona Virus ) ලොව පුරා

2015 සිට (53+) Zika Virus ලොව පුරා

2018 සිට (2253) 2018-20 Kivu Ebola කොංගෝව, උගන්ඩාව

2009-2010 (151,700-575,400) H1N1 Flu /Swine ලොව පුරා

2010 සිට (1075) හයිටි කොලරාව හයිටිය

2013-2016 (>11,000) ඉබෝලා බටහිර අප්‍රිකාව

2015 (2035) H1N1 Flu ඉන්දියාව

2016 සිට (3886+) යේමන් කොලරාව යේමනය

2019 (5000) මැලේරියාව කොංගෝව

2020 සිට (65,000+2020.4.5)කොරෝනා COVID 19 (2019 nCov)
ලොව පුරා

ගෙදර ඉන්න. ඔබ පරිස්සම් වෙන්න. සෞක්‍ය අංශ දෙන උපදෙස් නිසි ලෙස පිලි පදින්න.

  • අශන්ති වරුණසුරිය
1 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here