කොරෝනා ගැන වාර්තා කිරීමේදී ජාතිවාදය ඉස්මතු නොකරන්නැයි ඉල්ලීමක්

කොරෝනා ආසාදිතයින් ගැන වාර්තා කිරීමේදී ජාතිවාදය ඉස්මතු නොකරන්න – ජනමාධ්‍ය හා අධ්‍යාපනය සදහා වූ මධ්‍යස්ථානය මාධ්‍ය ආයතනවලින් ඉල්ලයි

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් හා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී පුද්ගලයින්ගේ නම්, වාර්ගිකත්වය,  ආගම හෝ වෙනත් පුද්ගලික තොරතුරු ඉස්මතු කරමින් වාර්තා නොකරන ලෙස ජනමාධ්‍ය හා අධ්‍යාපනය සදහා වූ මධ්‍යස්ථානය සියලුම ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය හා අධ්‍යාපනය සදහා වූ මධ්‍යස්ථානය (සී.ජේ.ඊ) මෙම ඉල්ලීම කර තිබේ.

ජනමාධ්‍ය හා අධ්‍යාපනය සදහා වූ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය

ලෝකයේ අනෙකුත් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද කොරොනා  වයිරස් වසංගතයට මුහුණ දෙමින් පවතී. මෙම වසංගතයට  පැතිරීමට එරෙහිව රජය, ආරක්ෂක සහ සෞඛ්‍ය බලධාරීන් දැඩි සටනක් කරන අතර, රට සති තුනකට අධික කාලයක් තිස්සේ  ඇදිරි නීතිය යටතේ තබා ඇත. මෙවැනි අර්බුදයකට රට මුහුණ දී ඇති විට අප සියලු දෙනාම ඒකමුතු විය යුතුය.   කෙසේ වෙතත්, මෑතකදී ජාතිවාදයට අනුබල දෙන විකෘති හා අසත්‍ය තොරතුරු සමාජ හා ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි සංසරණය වීමට පටන් ගෙන ඇති අතර, මෙය බලධාරීන් කරන උත්සාහයන්ට බාධාවක් වනු ඇත. මේ අනුව, වෛරසයට සම්බන්ධ ඕනෑම හා සියලු කරුණු වාර්තා කිරීමේදී වෙනස් කොට සැලකෙන ප්‍රකාෂ,  වැරදි තොරතුරු සහ සාවද්‍ය තොරතුරු ලබා ගැනීමෙන් වළකින්නැයි ජනමාධ්‍ය හා අධ්‍යාපන මධ්‍යස්ථානය  මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදීන් / බලපෑම් කරන්නන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් හා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී පුද්ගලයින්ගේ නම්, වාර්ගිකත්වය,  ආගම හෝ වෙනත් පුද්ගලික තොරතුරු ඉස්මතු කරමින් වාර්තා නොකරන ලෙස ජනමාධ්‍ය හා අධ්‍යාපනය සදහා වූ මධ්‍යස්ථානය සියලුම ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. මෙවැනි පුද්ගලික තොරතුරු හෙළි කිරීමෙන් රෝගීන්ගේ පවුල් අවදානමට ලක්විය හැකිය. ඒ අතරම කිසියම් ප්‍රජාවක් අගතියට පත්වන ආකාරයට වාර්තා කිරීම මගින් ඉලක්කගත ප්‍රජාවන්හි සිටින රෝග ලක්ෂණ පෙන්නුම් කර අය ඉදිරියට පැමිණීමට බිය විය හැකිය. එය පුද්ගල කණ්ඩායමකට පමණක් නොව සමස්ත රටටම මාරාන්තික බව සිහි තබාගත යුතුව ඇත.

COVID-19 වෛරසය සියලුම මිනිසුන්ට පොදුවේ බලපාන ගැටලුවකි. මෙම වෛරසය ආසාදනය වන කණ්ඩායම් කුමන ප්‍රජාවකට අයත් වුවත් ඔවුන්ට දෝශාරෝපනය වන ආකාරයේ වාර්තා කිරීම් සිදුකිරීම සදාචාරාත්මක නොවේ. මෙවැනි වාර්තාකරණයන් හමුවේ වින්දිතයින් බවට පත්වන පුද්ගලයින්ගේ සේවා ස්ථාන ඔවුන්ට අහිමිවීම, ගෘහස්ත හිංසනය, අපහාසයට ලක්වීම හා ශාරීරික හිංසනයන්ට ලක්වීමට මෙන්ම ප්‍රජාවගේ ආරක්ෂාවට තර්ජනයක් වීම වැනි අහිතකර ප්‍රතිඵල අත්විය හැකි බවද අමතක කළ යුතු නැත.

මෙම මාරාන්තික වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අප විසින් වසංගතය පිළිබඳ වාර්තා කිරීමේදී භාවිතා කිරීම සඳහා මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සහ බලපෑම්කරුවන් සඳහා අධ්‍යාපන මෙවලම්  නිර්මාණය කර ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දී ඇත.

මිනිසුන් මෙන් නොව, වෛරස් ජාතිය හෝ ආගම මත පදනම්ව වෙනස් කොට සලකන්නේ නැත. විශේෂයෙන් මෙවැනි අර්බුදකාරී අවස්ථාවක දී, ජනතාවට තොරතුරු සපයන එකම වෘත්තීය සැපයුම්කරුවන් ලෙස මාධ්‍යවේදීන්ට පැවරී ඇති වගකීම නිවරදිව අවභෝධ කරගත යුතුව ඇත. වැරදි වාර්තාකිරීම් මගින් කිසියම් පුද්ගලයෙක්ට හෝ ප්‍රජාවකට හානියක් නොකරමින් නිවරදි වාර්තා කරණයට දිරි දෙන ලෙස මාධ්‍ය ආයතනවලින් අප තරයේ ඉල්ලා සිටිමු.

 

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here