නිරෝධායනය මඟහරිමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායන ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් අද(09) නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් අත් අඩංගුවට ගෙන ඇත.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ පදංචි නිලන්තම්බි ප්‍රසාද් දිනේෂ් නම් කුලී රථ රියදුරෙකු පහරදීමක් සම්බන්ධයෙන් පසුගිය දිනෙක පොලීසිය මැදිහත් වීමෙන් රෝහල් ගත කර ඇති අතර පසුව ඔහු සෘජුවම සම්බන්ධකම් පවත්වන ලද පුද්ගලයින් 23 දෙනෙකු හට ජාඇල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලය මගින් ඔවුන්ගේ වාසස්ථාන තුලම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති මුත් මත්ද්‍රවය වලට ඇබ්බැහි වූ මෙම පිරිස ස්වයං නිරෝධායන නීති රීති කඩ කරමින් ප්‍රදේශයේ සැරි සරන බවට තොරතුරු ලැබී ඇත.

ආරක්‍ෂක අංශ මග හරිමින් සිටි මෙම පිරිස සොයා බටහිර නාවික විධානය මගින් විශේෂ බුද්ධි මෙහෙයුමක් දියත් කර මෙම පුද්ගලයින් 23 දෙනා නාවික හමුදා භාරයට ගෙන ඇත

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here