රත්නපුර සහ පැල්මඩුල්ලෙ ඇඳිරි නිතිය ඉවත් නොකෙරේ

රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශ සඳහා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලාත්මක ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරයි. එම බලප්‍රදේශ හරහා ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක සහ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප‍්‍රදේශ හැර සෙසු සියළු දිස්ති‍්‍රක්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (09) උදෑසන 06.00 ට ලිහිල් කරුණ අතර එම දිස්ති‍්‍රක්කවලට අද සවස 04.00 සිට ඇඳිරි නීතිය යළි පනවනු ලැබේ.

එම දිස්ති‍්‍රක්කවලට එලෙස පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදෑසන 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත කි‍්‍රයාත්මක වේ.

කොරෝනා වෛරස ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්කවලට දැනට කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව කි‍්‍රයාත්මක වේ. රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප‍්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකිරීමට තීරණය කෙරුණේ රත්නපුර මුද්දූව ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයාගේ පවුලේ දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප‍්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති. ජනතාවගේ යහපත වෙනුවෙන් බවත්, එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින ලෙසත් අලූත් අවුරුදු සමය තුළ චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන ලෙස ද රජය අවධාරණය කරයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here