විදෙස් ගුවන් තොටුපළවල සිරවූ ලාංකිකයන් මෙරටට ගෙන්වීමට පියවර

ලොව විවිධ ගුවන්තොටුපොලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මෙරටට ගෙන්වාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

එම නිසා රාජ්‍ය නිලධාරීන් සහ ශිෂයින් කිහිපදෙනෙකු ඇතළු විදේශ රටවල විවිධ ගුවන්තොටුපළවල සිරවී සටින 33 දෙනෙකුට ලංකාව වෙත පැමිණීම සඳහා අවසර ලබා දෙන බව සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර මෙලෙස පැමිණෙන 33 දෙනා මෙරටට පැමිණීමෙන් පසු දින 21ක නිරෝධායනයකට ලක් කිරීම සඳහා රජය විසින් තීන්දු කර ඇත.

ඒ අනුව, ඕමානයේ මස්කට් ගුවන්තොටුපළේ සිරවී සිටින 05 දෙනෙකු, ඩුබායි ගුවන්තොටුපළේ රැදී සිටින තිදෙනෙකු, සිංගප්පූරූ ගුවන්තොටුපළේ රැදී සිටින 07 දෙනෙකු, ඉතියෝපියාවේ අඩිස් අබබා නුවර සිටින එක් පුද්ගලයෙක්, තුර්කියේ ඇන්කාරා නුවර රැදී සිටින දෙදෙනෙක්, මැලේසියාවේ සිටන එක් පුද්ගලයෙක්, නවදිල්ලි නුවර සිටින එක් පුද්ගලයෙක්, මාලදිවයිනේ සිටින එක් පුද්ගලයෙක්, එංගලන්තයේ ලන්ඩන් නුවර රැදී සිටින දෙනෙක්, ශීෂෙල් රටේ සිටින එක් පුද්ගලයෙක්, පැපුවා නිවුගිනියාවේ සිටින තිදෙනක්, පෘතුගාලයේ ලිස්බන් නුවර සිටින එක් පුද්ගලයෙක් සහ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිටින පස්දෙනෙකු වශයෙන් 33දෙනෙකුට ලංකාවට පැමිණීමට අවසර ලබා දී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here