චීනයෙන් පරීක්ෂණ කට්ටල 20,000 කට අධික ප්‍රමාණයක්

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන ජැක් මාගේ අලිබාබා සමාගම විසින් මෙරටට ප්‍රදානය කළ කොවිඩ් 19 පරීක්ෂණ කට්ටල 20,000ක් චීනයේ ෂෑන්හයි ගුවන්තොටුපලේ සිට විශේෂ ගුවන් යානයකින් අද රාත්‍රීයේ මෙරටට රැගෙන ඒමට නියමිතය.

එසේම චීන රජය විසින් මෙරටට පිරිනමන තවත් කොවිඩ් 19 පරීක්ෂණ කට්ටල 20,000ක් එළඹෙන සතියේ මෙරටට ලබාදීමට නියමිත බව මෙරට චීන තනාපති කාර්යාලය සඳහන් කළේය.

කොවිඩ් අසාදිත යැයි සැක සහිත රෝගින් පරික්ෂා කිරීමේදි යොදාගැනීමට හැකිවන සේ නිර්මාණය කළ ආරක්ෂිත කුටියක් අද පළමුවරට රත්නපුර රෝහලේ වෛද්‍යවරුවන් විසින් පරික්ෂාවට ලක් කරනු ලැබුවේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ චීන ව්‍යාපාරික දැවැන්තයෙකු වන ජැක් මා විසින් පරිත්‍යාග කරන ලද පරීක්ෂණ කට්ටල 20,064 ක් අද (සිකුරාදා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

තානාපති කාර්යාලය පැවසුවේ තොගය ඇමරිකානු ඩොලර් 130,000 ක් වටිනා බවයි.20,064 ක් ෂැංහයි සිට පැමිණ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ.

ඩොලර් බිලියන 1.2 ට වැඩි වෙළඳපල වටිනාකමක් ඇති ලැයිස්තුගත සමාගමක් වන ඩයන් ජීන් සමාගම විසින් පරීක්ෂණ කට්ටල නිෂ්පාදනය කරනු ලැබේ.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here