කොරෝනා මර්ධනයට එක්වූ පොලිස් නිලධාරීන්ට තෑගී

ඉකුත් මාර්තු මස 11 වන දින සිට අප්‍රේල් 10 වන දින දක්වා ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් රෝගය ව්‍යාප්තවීම වැලැක්වීමට සිය අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව ජීවිත අවදානම පිළිබඳව ද නොසලකා දැඩි කැපවීමෙන් සිය රාජකාරිය නොපිරිහෙලා ඉටු කළ පොලිස් නිලධාරින් වෙත මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර ඇත

ශ්‍රී ලංකා පොලීසියේ කීර්තිනාමය ඔප් නැංවීම සඳහා කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සහ එයට පහළ තනතුරුවල එක් එක් නිලධරයාට පොලිස් ත්‍යාග අරමුදලින් රු.5,000/- බැගින් මුදල් ත්‍යාගයක් පිරි නැමීම පොලිස්පති තුමා විසින් අනුමත කර ඇත.

එම මුදල් ගෙවීම සඳහා පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here