සුලූ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධානාගාරගතව සිටින්නන් ඇප මත මූදා හැරීමට නීතිපති මාර්ගෝපදේශනයක්

සුලූ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් ඇප මත මුදා හැරීමට අදාලව නීතිපතිිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

ඒ කොවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය සහ බන්ධානාගාරවල පවතින තදබදය සැලකිල්ලට ගෙන ඇප මත මුදා හැරීමට හැකි රැදවූවන් ඇප මත මුදා හැරීමට යලි සලකා බලන ලෙස දන්වමින් ජනාධිපති ලේකම්වරයා ඉකුත්දා යැවූ ලිපියට අදාලවය.

මෙම මාර්ගෝපදේශ මාලාවට අනුව සැකකරු සතුව තිබූ හෙරොයින් ප‍්‍රමාණය ශුද්ධ බර ග්රැුම් 02ක් හෝ ඊට වැඩි නොවන අවස්ථාවලදී සැකකරු ඇප මත මුදා හැරීමට සලකා බලන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

මීට අමතරව ගංජා කිලෝ ග්‍රෑම් 05කට අඩු ප‍්‍රමාණයක් සදහා අත්අඩංගුවට ගත් තැනැත්තන්ට ඔවුන් බන්ධනාගාරගතව සිටින කාලය නොසලකා ඇප ලබා දීමටද සළකා බලන ලෙසයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත

ගංජා කිලෝ ග්රැුම් 05කට වැඩි ප‍්‍රමාණයක් සදහා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු නම් එවැන්නන්ද මසකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීනම් ඇප ලබා දීමටද සළකා බලන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here