ඇඳිරි නීති බලපත්‍රයෙන් හරක් ජාවාරමේ ගිය පිරිසක් පොලීසියේ

අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබා ගත් ඇඳිරි නීති බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් මස් සඳහා ගවයින් 10 දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක්‌ රාජාංගනය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොල් ප්‍රවාහනය කිරිමට මෙම ලොරි රථය යොදා ගන්නා බවට සඳහන් කරමින් පොලිසියෙන් ඇඳිරි නීති බලපත්‍රය ලබා ගෙන ඇත.

මෙම ලොරි රථය තුල සිටි ගවයින් දෙදෙනෙක් අධික තෙරපීම නිසා ලොරි රථය තුලදීම මිය ගොස් සිටිය බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here