සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කළ තවත් 7ක් කූඩුවට

පසුගිය 10 වන දින බෙලිගල හා කටුගස්තොට යන ප්‍රදේශවල දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකු අප්‍රේල් 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මේ අතර පසුගිය 11 වන දින වැලිමඩ, කඩවත හා රාගම ප්‍රදේශවලදී තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පසුගිය 12 වන දින නොච්චියාගම ප්‍රදේශයේ දී එක් පුද්ගලයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව කොරෝනා වෛරසය ව‍‍‍්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ ජාලා ‍ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පළ කරන ලද පුද්ගලයින් 16 දෙනෙකු මේ වන විට අපරාධ පරික්ෂ‍ණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here