සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාවෙ නැකත් අද

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අද (13) උදා වේ. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක‍්‍රමණය වීමයි මෙහිදී සිදු වේ.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ස්වභාව දහම සහ කෘෂිකර්මය සමග මානව ගුණධර්ම සමග තදින් බැදී තිබෙන බව විද්වතුන් පෙන්වා අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීමේ ඉතිහාසය සහ ඒ හා බැදුනු සංකල්ප පිළිබඳවද මෙහිදී විස්තර කෙරේ.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ චාරිත‍්‍ර ඉටු කෙරෙන්නේ නැකැත් සීට්ටුවට අනුවයි. ඒ අනුව මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද පස්වරු 01.59 සිට හෙට (14) අළුයම 02.47 දක්වා යෙදී තිබේ

ඒ අනුව අද පස්වරු 01.59ට පෙර කා බී සියලූ වැඩ අත්හල යුතු බවයි නැකැත් සීට්ටුවේ දැක් වේ .

සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද උදා වන්නේ රාතී‍්‍ර 08.23ටයි. ලිප ගිනිි මොලවා ආහාර පිසීම සඳහා වූ නැකත රාතී‍්‍ර 10.05ට ය.

වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය සිදුකල යුත්තේ රාතී‍්‍ර 10.43ටය.

එවැනිම මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද නිවසට සහ නිවසේ වෙසෙන්නන්ට පමණක් සීමා කර සමරන්නැයි රජය ඉල්ලයි.

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාම වළක්වා ලීම සඳහා තවදුරටත් කටයුතු කරමින් තිබීම ඊට හේතුවයි. රට පුරාම ඇදිරිනීතියද පනවා ඇත

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here