ඉන්දියාව තව දුරටත් Lockdown. පැය 24ක් තුළ කොරෝනා ආසාදිතයින් 1248ක්

ඉකුත් පැය 24 තුලදී ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 1,248 දෙනෙකු වාර්තා වන්නේ ගතවු පැය 24 තුලදී පමණක් කොරෝනා මරණ සංඛ්‍යාව 27ක් ද සිදු වෙමින්.

ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාදිතයින් ගණන 10,453 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 358කි. දින 21 ක කාලයක් සඳහා මීට පෙර වසා දැමුණු සමස්ථ ඉන්දියාවම මැයි මස 03 වනදා තෙක් තවදුරටත් වසා දමන බව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ප‍්‍රකාශ කළේය.

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව මිනිත්තු 20 ක පමණ කාලයක් ජාතිය අමතා කථාකළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ඇතැම් ප‍්‍රදේශවලට පනවා ඇති නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් අපේ‍්‍රල් 20 වනදායින් පසුව තීරණයකට එළඹෙන බවය.

ඒ අනුව රට වසා දමමින් පනවා ඇති නීති රටවැසියන් විසින් නිසි අයුරින් පිළිපදින්නේ ද යන්න එළඹෙන 20 වනදාතෙක් දිස්ති‍්‍රක්කයෙන් දිස්ති‍්‍රක්කයට සහ ප‍්‍රාන්තයෙන් ප‍්‍රාන්තයට නිවැරදිව සොයා බලන බවත්, අනතුරුව තීරණයකට එළඹෙන බවත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ඉකුත් පැය 24 තුලදී ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 1,248 දෙනෙකු වාර්තා වුණා. එම කාලය තුලදී ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා මරණ සංඛ්‍යාව 27කි. ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාදිතයින් ගණන 10,453 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 358ක් ද වෛරසය ආසාදනය වී සුවය ලැබූ පිරිස 1,193කි.

මේ අතර ප‍්‍රංශය ද මැයි 11 වනදා දක්වා තවදුරටත් වසා දැමීමට ජනාධිපති එම්මානුවෙල් මැකරන් තීරණය කර තිබේ. එසේම රටතුළ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට මුහුණදීම සඳහා ප‍්‍රමාණවත් පියවර ගැනීමට රජය සූදානම් වී නොසිටීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී සිය රටවැසියන්ගෙන් සමාව ද ඉල්ලුවේය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here